පසුගියදා මාර්ග වරදක් සිදු කළ පසු පොලිසියට බැණ වැදී මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන රොෂානි පෙරේරා නමැති කාන්තාව සම්බන්ධ සිද්ධියට අදාළ තවත් වීඩියෝවක් නිකුත්ව තිබේ.
සිද්ධිය වූ දිනයේ ගම්පහ කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් ගම්පහ - කොටුගොඩ මාර්ගයේ රාජකාරියේ
යෙදී සිටියදී, උඩුගම්පොළ දෙසින් පැමිණි ඇගේ අවුඩි වර්ගයේ රතු පැහැති මෝටර් රථය අන්තරාදායක
ලෙස ධාවනය කිරීම හේතුවෙන් එය නැවැත්වීමට සංඥා කළ අවස්ථාවේදී ඇය
නිලධාරීන්ට කිලෝමීටර් 15 ක පමණ දුරක් ඇයව ලුහුබැඳ ගොස් මිනුවන්ගොඩ, පොල්වත්ත හන්දියේදී රථය නවත්වා ගැනීමට සිදුව තිබුණි. ඇය යන මග වාහනයක් නවතා පොලිස් මෝටර් සයිකලයද ඇයට පැත්තින් යාමට බැරි වන ලෙස සිර කර නවතා ගන්නට සිදුවිය.
එම අවස්ථාවේදී ඇය වාහනයේ වීදුරු නොඇර කිසියම් කෙනෙකු සමග දිගටම දුරකථන සංවාදයක ඇතුලේ සිට යෙදුණ අතර පොලිස් නිලධාරියා වාහනය වටේ යමින් ඇයට සංඥා කළත් කිසිවක් නොදුටු ලෙස සිටීම විමතිදායකය. කෙසේ වෙතත් පසුව ඇයට බැරිම තැන එළියට පැමිණ කථා කිරීමට සිදුවිය.
ඇය පොලිස් නිලධාරීන්ට හෝ නීතියට ගරුසරුවක් නැතිව ඔවුන්ට වදයක් ලබාදී තිබුනේ මෙම වීඩියෝවෙ පරිදිය. මෙතැනින් බලන්න click here
