the-only-thing-i-havent-gotten-is-henna-there-are-a-lot-of-sales-these-days-piyumi-hansamali

පසුගියදා පැවති ඩිලානි අබේවර්ධන උපන්දින සාදයට එක්වූ මේ කාලයේ ආන්දෝලනාත්මක පුවත් මවන්නියක වන පියුමි හංසමාලි එහිදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී අලුත්ම විස්තර කියා සිටියේ පහත පරිදිය.

නිවේදිකා: හොඳයි, මගෙත් එක්ක ඉන්නවා ගොඩ කාලෙකට පස්සේ බියුටිෆුල් පියුමි හන්සමාලි. 
පියුමි හන්සමාලි: හායි.



නිවේදිකා: හායි, කොහොමද ඔයාට? 
පියුමි හන්සමාලි: ගොඩක් හොඳින්.

නිවේදිකා: පියුමි, අද හරි ලස්සන දවසක්. මේ ඩිලානි අක්කගේ බර්ත්ඩේ එකට එකතු වුණා නේද? පියුමි හන්සමාලි: ඩිලානි අක්කා ලංකාවට ආවොත් මොනවා හරි තියෙන ෆන්ෂන් එකකට අනිවාර්යයෙන්ම ඉන්වයිට් කරනවා. මම ඩිලානි අක්කට හරි ආදරෙයි. අද ඉතින් එයා මට හරි ආදරෙයි. ඉතින් ආවා අද ඩිලානි අක්කිගේ බර්ත්ඩේ එකට.

නිවේදිකා: මම දැක්කා ඔයාව දැක්ක ගමන් කෑ ගහලා. හිතුවා මේ පොඩ්ඩක් ඩ්‍රන්ක් වෙලා කෑ ගහනවා කියලා. 

පියුමි හන්සමාලි: අද ඩ්‍රන්ක් වෙලාත් නැතුව කෑ ගැහුවා. බලන්න ඇති එයාගේ හැටි.




නිවේදිකා: හොඳයි ඉතින්, ගොඩක් වෙලාවට කාර්යබහුල වෙලාවක, අද හැබැයි හැමෝම එකට එකතු වෙලා ඉන්නවා. කොයි තරම් පරණද මේ යාළුකම? 

පියුමි හන්සමාලි: මේ යාළුකම, මම හිතන්නේ ඩිලානි අක්කි ඇමෙරිකාවේ ඉන්න කාලේ ඉඳලාම මැසේජ් කරලා අපි ටච් එකේ හිටියා. හැබැයි මම එයාව දැනගෙන දැන් අවුරුදු පහක් හයක් විතර වෙනවා, ඒ කියන්නේ මෙහෙදි හම්බවෙලා. රටේදී දන්නවා සහ ඉස්කෝලේ යන කාලේ එයාගේ ෆිල්ම්ස් බලලා තියෙනවා. ඉතින් මට හරි සතුටුයි. මට මේකට ඉන්වයිට් කරපු එක ගැන මට හරි සතුටුයි. මොකද මම ඩිලානි අක්කිගේ ෆෑන් කෙනෙක්.

නිවේදිකා: ඕකේ. ඉතින් අද ගොඩක් කට්ටිය එකට එකතු වෙලා ඉන්නවා. සතුටු වෙනවා. ඉතින් කොහොමද ඔයාගේ විස්තර මේ දවස්වල? 
පියුමි හන්සමාලි: මේ දවස්වලදී අනේ... හෙන විතරයි මගේ දෙයියනේ ගහලා නැත්තේ. ඉන්නවා ඩාර්ලින්. ඉතින් මම සුපුරුදු මේ පියුමි හන්සමාලි. හිනා වෙලා සන්තෝසෙන් ඉන්නවා. ඉතින් ඔහේ යනවා. ජීවිතේ යනවා.

නිවේදිකා: ඉතින් මම හැමදාම... මගෙන් හැමෝම අහනවා වගේ 'කොහොමද විස්තර' කියලා අහනවා නේද ඉතින්. කොහොමද පියුමි, ඔයාගේ 'Piumi Skin' [ව්‍යාපාරය] කොහොමද යන්නේ? 

පියුමි හන්සමාලි: මගේ 'Piumi Skin' ඉතින්... මේ දවස්වල මාව සෝෂල් මීඩියා හරහා වෙනදටත් වැඩිය ප්‍රසිද්ධ වෙලා තියෙන හින්දා, මේ දවස්වල මගේ 'Piumi Skin' එක මාර විදිහට සේල් වෙනවා. ඉතින් තව තව ඕඩර් කරන්න. මාව තව තව දියුණු කරන්න. මාව ඕගොල්ලෝ ඕඩර්ස් අරගෙන තව තව ඉදිරියට යවන්න. එතකොට ගොඩක් අය කියයි, ගැහැණියක් මහන්සි වෙලා කීයක් හරි ඉපෙව්වොත් කියයි... ඒ කියන ගානටම, මේ ලංකාවේ දියුණු වෙන්න බලාගෙන ඉන්න හැම ගැහැණියක්ම දියුණු වෙන්න ඕනේ. මේ ඒ කියන්නේ, මහන්සියෙන් දියුණු වෙන්න. හැබැයි මිනිස්සුන්ගේ අර වගේ කතා අහගෙන හරි, 'එයා ගිහිල්ලා ඉවරයිනේ එයාගේ ගමන' [කියන] ඒ ගානට දියුණු වෙන්න කියලා කියනවා හැම ගැහැණියකටම.

සම්මුඛ සාකච්ඡාව - චැනල් සී නාලිකාවෙහි ප්‍රචාරය වූ අයුරු වීඩියෝව මෙතැනින් click here

gossiplanka image 2




ඩිලානි අබේවර්ධනගේ උපන්දින සාදයේ ඡායාරූප ඊට පහතින්
Photography - Sandamali Wimalasena (077 208 73 99)
Concept & Planning -  Hansali Samarawickrama
Dilani's Makeup - @Suranga Akash
Dilani's Dress - @Luxury bathik
Cake - A Taste of Heaven