the-chickpea-vendor-who-showed-off-his-skills-to-suddi-was-arrested-while-hiding-in-a-bald-spot

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝ පටයකට අදාළව, විදේශීය කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලත් 25 හැවිරිදි එක් දරු පියෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (16) දින කල්මුණේ, මරදමඩු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.



මෙම සිදුවීමට මුහුණ පෑ 24 හැවිරිදි නවසීලන්ත ජාතික සංචාරක කාන්තාව විසින් පෙරේදා (15) පස්වරුවේ ශ්‍රී ලංකා සංචාරක පොලිස් කොට්ඨාසය වෙත විද්‍යුත් තැපෑල ඔස්සේ නිල පැමිණිල්ලක් ගොනු කර තිබිණි. පසුගිය සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඇය, ඔක්තෝබර් 25 වන දින අරුගම්බේ සිට පාසිකුඩා බලා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී තිරුක්කෝවිල් ප්‍රදේශයේදී සැකකරු හමුවී ඇත. එම අවස්ථාවේදී සැකකරු විසින් ත්‍රිරෝද රථයේ ගමන් කළ ඇයට අශෝභන ලෙස ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීමක් සිදු කර ඇති බවට විමර්ශනවලදී හෙළි වී තිබේ.




අදාළ සිදුවීම දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීමත් සමග, සැකකරු තිරුක්කෝවිල් ප්‍රදේශයේ කඩල වෙළෙන්දෙකු බවට සටහනක් අන්තර්ජාලයේ පැතිර යෑමට පටන් ගෙන තිබිණි. එම තොරතුර ඔස්සේ පොලිසිය සිය අවධානය යොමු කළ අතර, එක් දරු පියෙකු වන මෙම සැකකරු සිය බිරිඳ සමග තිරුක්කෝවිල් ප්‍රදේශයේ කුලී නිවාස කිහිපයකම පදිංචිව සිට ඇති බවට වාර්තා වේ.

සැකකරු මීට පෙර පදිංචිව සිටි ස්ථාන කිහිපයකට පොලිසිය ගිය අවස්ථාවේ, එක් ස්ථානයක තිබී සැකකරුගේ සහ ඔහුගේ බිරිඳගේ ජාතික හැඳුනුම්පත්වල ඡායා පිටපත් සොයාගෙන ඇත. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු දින තුනකට පෙර සිය පදිංචි ස්ථානයෙන් පලා ගොස් ඇති බවයි. අත්අඩංගුවට පත්වීම වළක්වා ගැනීම සඳහා ඔහු සිය හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කර පෙනුම වෙනස් කරගෙන සිටි බවද පොලිසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිසිය වෙත භාර දී තිබේ.

ශ්‍රී ලංකාව සිය ස්වභාවික සෞන්දර්යය සහ ජනතාවගේ ආගන්තුක සත්කාරය හේතුවෙන් ප්‍රමුඛ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර අවධානය දිනාගෙන ඇත. කෙසේ වෙතත්, මෙවැනි අශෝභන ලෙස හැසිරෙන පුද්ගලයින් විසින් සිදු කරනු ලබන හුදකලා සිදුවීම් හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී විදේශීය සංචාරකයින් අපහසුතාවයට පත්වන බව බලධාරීන් පෙන්වා දෙයි.

සිදුවීමට අදාළ වීඩියෝව මෙතැනින් click here




gossiplanka image 1