පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නායයාම් අනතුරින් මාවනැල්ල සියඹලාපිටිය වැලිගල්ල පදිංචි සිටි මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය ධූරය දරමින් සිටි, ළහිරු සමරකෝන් මියගොස් තිබේ. ඔහු මියයන විට 31 හැවිරිදි වියේ පසුවිය.
ඔහු පුරුද්දක් ලෙස තේබීමට මෙම ස්ථානයට පැමිණෙන අයකු වූ අතර අද දිනත් සුපුරුදු පරිදි පැමිණ තේබොමින් සිටියදී විශාල ගල පතිතවී අනතුරට ලක්විය.
ඔහුගේ කුඩා මෝටර් රථය අනතුර වූ ස්ථානයට යාබද නවතා තිබී හමු විය.