
කඳාන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයක් සොරකම් කරගෙන පළා යමින් සිටි සැකකරුවෙකු විසින් සිදුකළ රිය අනතුරු මාලාවක් හේතුවෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලැබීමේ පුවතක් වාර්තා වේ.
ඊයේ (15) රාත්‍රී කාලයේදී කඳාන, මරියා මාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් නිවසක් අසල නවතා තිබූ මෙම ලොරි රථය සොරාගෙන සැකකරු පලායාමට උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි.ලොරි රථය සොරාගෙන යන බව දුටු එහි හිමිකරු සහ සේවකයින් වහාම ක්‍රියාත්මක වී ලොරිය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර, එම අවස්ථාවේදී සැකකරු බටගම දෙසට රථය නොනවත්වා ධාවනය කර තිබේ. එලෙස අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථය, මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදු කර පළායමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි තවත් යතුරුපැදියක ද ගැටී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
යතුරුපැදි දෙකෙහිම ගැටීමෙන් අනතුරුව වේගය පාලනය කරගත නොහැකි වූ ලොරි රථය අවසානයේ මාර්ගය අසල තාප්පයක ගැටී පෙරළී ගොස් තිබේ. මෙම අනතුරු හේතුවෙන් පළමු යතුරුපැදියේ ගමන් ගත් එකම පවුලේ සාමාජිකයින් තිදෙනෙකු සහ දෙවන යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ගත කිරීමෙන් අනතුරුව දෙවන යතුරුපැදියේ පැමිණි පැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගම්පහ, උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචි ජේ. ඒ. පී. හේමන්ත නැමැති 43 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදුකළ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් සැකකරු අල්ලාගෙන කඳාන පොලිසිය වෙත භාර දී ඇති අතර, ජා-ඇල දකුණු නිවන්දම ප්‍රදේශයේ පදිංචි මෝටර් කාර්මිකයෙකු වන ඔහු ද මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval