one-death-in-kadugannawa-after-a-mound-of-earth-collapsed-on-a-boutique

 අද (22) උදෑසන මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර,

සිද්ධියෙන් විපතට පත් පුද්ගලයින් හතර දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇති බව මූලික තොරතුරු මගින් අනාවරණය වේ.

පවතින අධික වර්ෂාපතනයත් සමඟ ගනේතැන්න ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට මෙම පස් කඳු කඩා වැටීම සිදුව ඇති අතර, එම අවස්ථාවේ වෙළඳසැල තුළ සිටි තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට සැක කෙරේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් එම පිරිස මුදා ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් මේ වන විටත් ආරම්භ කර ඇත.

පස් කන්ද කඩා වැටීම හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, ආරක්ෂක පියවරක් ලෙස එම ප්‍රදේශයෙන් මාර්ගයේ එක් කොටසක් තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

gossiplanka image 1
gossiplanka image 2



gossiplanka image 3
gossiplanka image 4



gossiplanka image 6
gossiplanka image 7