dead-body-found-in-a-three-wheeler-on-maharagama-village-road

 මහරගම පොලිස් වසමට අයත් ගම්මාන පාරේ, 04 වන පටුමග ආසන්නයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී බාහිර තුවාල සහිත පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගැනීමට මහරගම පොලීසිය සමත්ව තිබේ. ඊයේ (21) රාත්‍රී කාලයේදී පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සොයාබැලීමකදී මෙම මළ සිරුර හමුවී ඇත.



මෙලෙස මියගොස් ඇති පුද්ගලයා කුරුණෑගල, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර මියයන විට ඔහු 57 වන වියේ පසුවූ අයෙකි.




සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම සඳහා මහරගම පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.