අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන පරිදි, දිවයිනේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට, එනම් නොවැම්බර් 07 වන දිනෙන් අවසන් වේ.
මෙලෙස පළමු අදියර අවසන් වීමෙන් පසු, සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අධ්‍යයන අදියර දෙසැම්බර් මස 08 වන දින යළි ආරම්භ කිරීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
කෙසේ වෙතත්, මුස්ලිම් පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 24 වන දින ආරම්භ වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval