not-a-landslide-at-sri-pada-shrine-a-natural-phenomenon-that-occurs-when-it-rains

 ශ්‍රී පාද මළුව ආශ්‍රිතව නායයෑමක් සිදුව ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් අවධාරණය කර සිටියි.



මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදු කරමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ සෑම වසරකම අධික වර්ෂාව පවතින කාලවකවානුවලදී ශ්‍රී පාද මළුවට පහළින් පිහිටි පර්වතයේ වැවී ඇති ශාක කොටස් වර්ෂා ජලයත් සමඟ පහළට කඩා වැටීම සාමාන්‍ය ස්වාභාවික සිදුවීමක් බවයි.

හැටන් සහ රත්නපුර යන මාර්ග දෙක එකිනෙක සම්බන්ධ වන ඉදිකටු පහණ මාර්ගයට ආසන්න ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති අතර, එමගින් ශ්‍රී පාද මළුවට හෝ පුදබිමට කිසිදු ආකාරයක බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් තහවුරු කළේය.




gossiplanka image 2