nirosha-virajini-faces-legal-action-against-youtube-channel-that-seeks-views-by-making-up-slanderous-stories-about-artists

යූ ටියුබ් සඳහා ලැබෙන නැරඹුම් වැඩිකරගෙන ගෙවීම් ප්‍රමාණය වැඩි කරගැනීමේ අටියෙන් සිදු නොවූ දේවල් සිදුවූ දේවල් ආකාරයට ගොතා ප්‍රසිද්ධ පුද්ගලයින්ට මඩගසන යූටියුබ් නාලිකා කිහිපයක්ම තිබෙන අතර මින් එක්තරා යූටියුබ් නාලිකාවක් ගැන නිරන්තරයෙන්ම කතාබහට ලක්විය.


මීට ඉහත 'ටෙස්ටින් වන්' නමින් පැමිණ දැන් 'ට්‍රෙන්ඩින් වන්' නමින් පවත්වා යන මෙම නාලිකාව ගැන ප්‍රසිද්ධ අය අවස්ථා කිහිපයකදීම කථාබහ කර තිබේ. මියගිය කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ අවමංගල සභාවේදී සජිත ඇන්තනි සිය පියාගේ හොල්මන් අවතාර ගැන හෙදියක් කියන ආකාරයට බොරු ගෙතූ මෙම නාලිකාව ගැනද සිහිපත් කර තිබුණි.
මීට සති දෙකකට පෙර ධනංජය සිරිවර්ධන ප්‍රසිද්ධියේ කියා සිටියේ තමාගේත් බිරියගේත් ප්‍රශ්නයකට නිල්මිණි තෙන්නකෝන් මැදිහත්වූ බවට මෙම නාලිකාව බොරු ගොතා පත්තරයකට නොකියූ දෙයක් පත්තරයක ඇති ආකාරයට ඉදිරිපත් කර ඇති බවයි.
මෙම නාලිකාව පත්තරවල පළවූ දෑ, ෆේස් බුක් පිටුවල පළවූ දෑ ආකාරයට ඉදිරිපත් කරන කරුණු බොහොමයක් ඔවුන්ගේ ව්‍යාජ කතාවට අවශ්‍ය පරිදි මවාපා සංස්කරණය කර පෙන්වන ව්‍යාජ ඒවා බවද හඳුනාගන්නට ලැබේ.

මීට දවසකට පෙර ප්‍රවීණ ගායිකා නිරෝෂා විරාජිනී මහත්මිය සම්බන්ධයෙන්ද මොවුන්  අසත්‍ය කතාවක් ගොතා ඇති අතර එහි සඳහන් වන්නේ 'සිය දිවි නසාගන්න ගිය නිරෝෂා විරාජිණි පැවිදිවේ - දරුවා බඩේ ඉදිදිමයි නැති කරල දැම්මේ- මට ගේ ඇතුලෙ වුණ දේවල් දරාගන්න බැරිවුණා' යනුවෙනි.



මෙම වීඩියෝව නිසා තමන්ට අපහාසයක් හිරිහැරක් සිදුව ඇති බව දක්වමින් නිරෝෂ‍ා විරාජිණී අද දින ‍ෆේස් බුක් ඔස්සේ ප්‍රකාශයක් ලබාදෙමින් මෙසේ කියා තිබේ.

"මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් ඒ වගේ මට ආදරේ කරන හැමෝටම පොඩි පණිවිඩයක් කියන්න ආවේ. මොකද මේ අද උදේ සිට යූටියුබ් නාළිකාවක් ට්‍රෙන්ඩින් වන් කියන යූටියුබ් නාලිකාව විසින් මං සම්බන්ධ පොඩි අසත්ය ප්රචාරයක් ප්රචාරය කරලා තියෙන නිසා ම හිතල ඒක ඒ අයි ජෙනරේට් කරලා හදපු වීඩියෝස් දාලා ඒක වෙනස්ම කතාවක්. 

මගේ සිතුවිල්ලක වත් තිබ්බෙ නැති කතාවක් ඔවුන් යන  ප්රචාරය කර ගනිමින් යනවා.ඒක මට යහපතක් හැටියට නෙමෙයි. මට ඒකෙන් යහපතක් හැටියට පේන්නෙ. මොකද මම වැඩ කරගෙන ලස්සනට ඉන්න කැමති කෙනෙක් මාධ්යටත් එදා වගේම අද වෙනකම්ම මගේ ගීත ගායනය වත් මං කරන වැඩකටයුතු වත් කිසිම දැන් නවත්වලා නෑ. 

ඉතිං ආ මං සතුටින් සහ කණගාටුවෙන් කියන්න කැමැති එය ප්රචාරය දක්වන යූටියුබ්  නාලිකාවට ඔබ ගිහින් එය රිපෝට් කිරීම තුළින් නාලිකාව කරගෙන යන්න ඔවුන්ට බැරි වෙනවා. ඒ ඒ වගේම මමත් මේ වන විටත් නීතිමය පියවරක් අරන් තියෙන මොකද මොවුන්ට ඔෆිෂියලි දැනුම්දීමක් කර එය ඉවත් කරගන්නා ලෙස. නමුත් මේ වෙනකොටත් තවමත් ප්රචාරය වෙනවා ඉතින් ඒ නිසා මට මේක ඔබ හමුවේ මට ගේන්න උවමනාව නම් මට ආදරේ කරන හැමෝම ගිහින් ඒකට රිපෝට් කරන්න. 

එතකොට ඒ වගේ වැරදි වැඩ කරන අයට මේ රටේ ඩිජිටල්කරණය තුළ ඉඩක් නැති වෙන්න ඕනේ. මොකද?මේ රටේ තරම් ඩිජිටල්කරණය ඇතුළේ වැරදි වැඩ කරන සමාජයක් මම දැකලා නෑ ඒ නිසා අපි මේකට විරුද්ධව නැගී හිටිමු. මං වෙනුවෙන් මං වගේ තවත් ගොඩක් කලාකරුවන් වෙනුවෙන් මම ඉල්ලමි."

මෙම නාලිකාවේ පළවී ඇති අනෙක් වීඩියෝ වල 'අපූරු මාතෘකා' කිහිපයක් මෙසේය.

  • දරු ප්‍රසූතියේදී ෂෙරිල්ගේ ජීවිතේ බේරගන්න බැරිවෙලා වෙලා රුවන් වැලපේ 
  • හොඳ මූණ පෙන්නලා වික්ටර්ව ගෙදරින් පන්නලා
  • පැවිදිවූ උමාලි බලන්න ආව සාරංග දිනක්ෂිට මුහුණට කියලා
  • සිය|දිවි නසාගන්න ගිය යශෝදා කසාවතට 
  • ගයත්‍රිගේ කෙහෙල්බද්දර පද්මෙගේ ඔඩොක්කුවේ දාපු සෙල්ලම්
  • හොඳ මූණ පෙන්නලා සනත්ට මේකි ඇරලා 
  • සනත් උදුරගන්න තමුසෙට අයිතියක් නෑ සබීතා ඇවිලෙයි 
  • ධනංජයගේ බිරිඳ නිල්මිණීගේ මූණට කෙ|ල ගසයි
  • නුවන්දිකාගෙන් උමාරට කනේ පහරක් 
  • පැතුම්ගේ මවට අපහාස කෙරුවට කනේ පහරක් 
  • නලින්ගේ බිරිඳ හඬපට පෙන්වා එළවයි 
  • නලින්ගේ දියණිය මළගෙදරදී පන්නලා
  • උඩගුකමට එයාල දූනිත්ගේ මූණවත් බැලුවෙ නෑ 
  • දුනිත් සංගා ඉදිරිපිට දේහයට දැමූ දේ 
  • දුනිත් පියා අවසන් මොහොත පෙම්වතිය පෙන්නයි 
  • කේ සුජීවා අංජලීගේ මධුසමය අතරතුර කසාවතට 
  • මහින්ද පිටවෙද්දී එයා මූණටම කියලා 
  • වෙඩිමට ආපු අජිත්ව සුජීවා පන්නලා 
  • රනිල්ගේ බිරිඳ එයාලව පන්නලා උණුසුම්
  • රනිල් කරපුවා මෙහෙකාරි වීඩියෝ කරලා
  •  රනිල්ට අසාධ්‍යයි. ICU වීඩියෝව ලීක්වේ 
  • වැලිකඩදී රනිල්ගේ බිරිඳ හඬා වැටේ
  • මේ ගෑනි නදිමාල්ට මදුසමය ගතකරන් දෙන්නෑ
  • නදීමාල්ගේ වෙඩිමට ආපු ශිරෝෂිව පන්නයි 

නිරෝෂාගේ ප්‍රකාශය වීඩියෝව මෙතැනින්

video click here
gossiplanka image 1