බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශ කරන්නේ මුස්ලිම් කාන්තාවන්ට හිජාබය පැළඳ සෞඛ්‍ය සේවා ලබාගැනීමට අවසර දිය යුතු නමුත්, නිකාබය සහ බුර්කාව පැළඳීමට විරුද්ධ වන බවයි.ඥාණසාර හිමියන් හිජාබය නිකාබය බුර්කාව සිවුර පාවිච්චි කරමින් පැහැදිලි කරමින්
මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, කාන්තාවන් හඳුනා ගැනීමට ඉඩ සලසන හිජාබයට සිංහල ජාතිකයන් ලෙස විරුද්ධ වීම වැරදි සහගත බවය. කෙසේ වෙතත්, නිකාබය සහ බුර්කාව වැනි මුළු මුහුණම ආවරණය වන ඇඟලුම් භාවිතය අධෛර්යමත් කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ.
උන්වහන්සේ වැඩිදුරටත් පැහැදිලි කළේ, හිජාබය මගින් අනන්‍යතාවය නොසැඟවෙන නමුත් බුර්කාව මගින් පුද්ගල හඳුනා ගැනීම දුෂ්කර වන බවයි. බුර්කාව පැළඳ සිටින ඇතැම් මුස්ලිම් කාන්තාවන් රියදුරු බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත් පවා ලබාගෙන ඇති බවද ඥානසාර හිමියෝ පෙන්වා දුන්හ.
මෙවැනි විදේශීය සංස්කෘතික පිළිවෙත් මෙරට තුළ අනුගමනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවට තර්ක කළ උන්වහන්සේ, ඇතැම් අපරාධකරුවන් නීති විරෝධී ක්‍රියාකාරකම් සඳහා බුර්කාව සහ නිකාබය යොදාගෙන ඇති බවටද චෝදනා කළහ.
එබැවින්, හිජාබය පැළඳීමට අවසර ඇති බැවින් එය දිගටම කරගෙන යා යුතු බවත්, එහෙත් බුර්කාවට සහ නිකාබයට විරුද්ධ විය යුතු බවත් පවසන උන්වහන්සේ, මෙම ස්ථාවරය සම්බන්ධයෙන් වාද නොකරන ලෙස මුස්ලිම් ප්‍රජාවෙන් ඉල්ලා සිටියහ. හිමි නම සිදු කළ ප්‍රකාශය පහත පරිදිය
අපි විරුද්ධ වෙන්න ඕන.
සම්පූර්ණයෙන්ම මුහුණු වැහීම සම්බන්ධයෙන්.
ඒකයි මේකේ තියෙන වැදගත්ම කතාව.
දැන් අපි අනන්තවත් දකිනවා පාසල් වල (සිටින) මේ නිකාබ් එක සහ බුර්කාව (පළඳින අය).
දැන් 'හිජාබය' කියන එක දන්නෙත් නැහැ.
'නිකාබය', 'බුර්කාව' කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ.
මේ පැටලැවිල්ලක්නේ වෙලා තියෙන්නේ.
දැන් ඒක අපහසුයිනේ. මම ඕනනම් කරලා පෙන්නන්නම්. ඒ කියන්නේ, ඒක අවබෝධ කරගන්න (අමාරුයි). දැන් 'හිජාබය' කියලා කියන්නේ, ඉස්සර සාරි පොටෙන් මෙහෙම දාගත්ත සමාජයක්නේ තිබුණේ.
ඊට පස්සේ දැන් ඒක විධිමත් කරලා, 'පංජාබ් ඇඳුම' (එක්ක පළඳින සළුව) මෙන්න මේ විදිහට (දාන එක) ඇවිල්ලා තියෙනවා.
දැන් 'බුර්කාව' කියන්නේ මොකක්ද?
බුර්කාව කියන්නේ මෙන්න මේක.
දැන් මාව අඳුරගන්න පුළුවන්ද?
ඊළඟට 'නිකාබය'. සමහරවිට මේ ඇස් දෙක (විතරක් පේන්න) මේ ඔක්කොම වැහිලා. දැන් මාව අඳුරගන්න පුළුවන්ද?
දැන් මේ දවස් වල අපිට පේනවා, සමහර මේ මුස්ලිම් කාන්තාවෝ රිය පදවනවා.
ඒගොල්ලන්ට කොහොමද ලයිසන් දුන්නේ?
මොකක්ද මේ විකාරය?
මේක අපහාසයක් (කිරීමේ) ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ (කියන්නේ) මොකද, මේ අපේ සිංහලයත් අනිත් බහුතරයත් දන්නේ නැහැ මේ 'හිජාබය', 'ෆරදාව' (අබායා) කියන්නේ මොකක්ද කියලා, 'නිකාබය', 'බුර්කාව' කියන්නේ මොකක්ද කියලා.
අපි විරුද්ධ වෙන්න ඕන මෙන්න මේ නිකාබයටයි බුර්කාවටයි.
දැන් හුඟක් දෙනෙක්ගේ ඔලුවේ වැඩ කරන්නේ මෙන්න මේ නිකාබය සහ බුර්කාව පිළිබඳ තියෙන ප්‍රශ්නය.
එතකොට කෙනෙක් හිතන්න පුළුවන්, අපි මේ හිජාබයටත් අවසරය දුන්නොත්, තව අවුරුද්දක් දෙකක් යනකොට, මේ මුස්ලිම්... අර අපි කියන්නේ... දැඩි දෘෂ්ටිවාදයට ගිහිපු උදවියගේ බලපෑම මත, සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගෙන, අර නිකාබයත් මේ බුර්කාවත් පැළඳගෙන සේවයට ඒද කියන ප්‍රශ්නය බරපතල විදිහට තියෙනවා.
ඉතින් ඒක හින්දා අපි ඇත්ත වශයෙන්ම විරුද්ධ වෙන්න ඕන, මේ පාසල් වලට එන ගුරුවරු ගුරුවරියෝ සම්පූර්ණ මුහුණු වහගෙන (එනවට). ඒකට විරුද්ධ වෙන්න ඕන.
ප්‍රසිද්ධ ස්ථාන වල (විතරක්) නෙමෙයි, මේ මහා මග, කොහෙවත්, එහෙම යන්න මොකක්ද තියෙන අවශ්‍යතාවය, මුහුණු සම්පූර්ණ වහගෙන?
මේවා ඇතුළේ තමයි මේ හුඟක් අපරාධ, (සහ) මේ ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ.
ඒක සිද්ධ වෙන හැටි මම එෆ්බීඅයි වාර්තාවෙන් පෙන්නලා දෙනවා ඊළඟ මේ කරුණු දැක්වීමේදී.
ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා, අපි ඇත්ත වශයෙන් විරුද්ධ වෙන්න ඕන ඒ බුර්කාවට සහ නිකාබයට කියන එක තමයි මට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ.
මොකද මම දැක්කා හුඟක් අය අතර මේක මහා සංවාදයක් බවට පත් වෙලා තියෙනවා.
ඉතින්, 'හිජාබය' (පැළඳීමට ඉඩ දී), එතනින් ඒක නතර වෙන්න ඕන.
ඒක සාකච්ඡා කරලා, "හිජාබය විතරයි" (කියලා තීරණය වෙන්න ඕන).
මොකද, ඉස්කෝලේ දරුවන්ට පළඳින්න පුළුවන් නම්, ගුරුවරියන්ට පළඳින්න පුළුවන් නම්... මම දැකලා තියෙනවා වෛද්‍යවරුන් පවා, ඒ විතරක් නෙමෙයි, තෝල්ක මුදලිවරු (භාෂා පරිවර්තකවරු) කොච්චර ඉන්නවද උසාවි වල මේ හිජාබය දාගෙන.
ඒක නිසා, දැන් ඒක පිළිගැනීමට ලක් කරලා ඉවර නිසා, මේක අනවශ්‍ය මානයකට ගෙනියන්නේ නැතුව, "හැබැයි, මෙතනින් මෙච්චරයි" (කියලා තීරණය කළ යුතුයි).
ආයේ, අන් කවර කලකවත්, කාගේ හෝ මේ බලපෑමකට යටත්ව, "දැන් හිජාබය දීලා තියෙනවා නම්, ඇයි අපේ 'නිකාබයට' (ඉඩ) දෙන්නේ නැත්තේ? අපේ මතවාදයට (ඉඩ) දෙන්නේ නැත්තේ?" කියලා, එහෙම මේ ඉඩක් හදාගන්නේ නැතුව, කරුණා කරලා මේක මෙතනින් නවත්වන්න කියන එක කිව යුතුයි.
විශේෂයෙන් මම හිතනවා, ඒ මුස්ලිම් තරුණියන් වුණත් හෙට සේවයට ඇවිල්ලා, මේ බහුතර (සිංහල) අපි ජීවත් වෙන ප්‍රදේශ වලත් සේවයට ආවොත්, ඔය තියෙන වෛරය, ඔය තියෙන සැක සංකා පවා දුරු කරගන්න ඒක හොඳ අවස්ථාවක් වෙයි.
අපේ මනුෂ්‍යත්වය දෝතින් වැළඳගන්න... නැත්නම්, මේ මනුෂ්‍යත්වය දෝතින් වැළඳගන්න... ඒක අවස්ථාවක් වෙයි කියලා මම කල්පනා කරනවා.
ඥාණසාර හිමියන් හිජාබය නිකාබය බුර්කාව සිවුර පාවිච්චි කරමින් පැහැදිලි කළ ආකාරය වීඩියෝව මෙතැනින් Click Here

Comments
Post a Comment
Your comment will be visible after approval