ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් වූ රසික පීරිස් මහතා අද (14) දින පෙරවරුවේ සිය ධුරයේ රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය. නව කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර, මෙම නව ධුරයට පත්වීමට පෙර ඔහු අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කරමින් මැතිවරණ ක්‍රියාවලිය තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අයෙකි.
මීට පෙර මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරය හෙබවූ සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (13) දින සිය රාජකාරි දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ මෙම පුරප්පාඩුව නිර්මාණය විය.
2019 වසරේ ඔක්තෝබර් මස 16 වන දින එම ධුරයට පත් වූ රත්නායක මහතා වසර ගණනාවක් මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීමට දායකත්වය ලබා දුන් අතර, ඔහු සිය විශ්‍රාම ගැනීම පිළිබඳව නිල නිවේදනයක් ද ඊයේ දිනයේදී නිකුත් කරනු ලැබීය.
නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා පත්වීමත් සමඟ ඉදිරි මැතිවරණ කටයුතු සහ පරිපාලන ක්‍රියාවලීන් නව මගක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඔහු අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා ලෙස සේවය කළ කාල වකවානුව තුළ ලබාගත් පරිචය සහ දැනුම, නව තනතුරේ වගකීම් ඉටු කිරීමේදී මහත් පිටිවහලක් වනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval