මේ වනවිට ගංවතුර තත්වය මත කැලණි ගග ආසන්න පහත් බිම් ජනතාවට ඉවත්වන ලෙස අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.
2016 වර්ෂයේ මැයි මාසයේදී කැලණි ගං නිම්නය ආශ්‍රිතව ඇති වූ ගංවතුර තත්ත්වය සහ එහි බලපෑම මේ සමග ඉදිරිපත් කර ඇති සිතියම මගින් විද්‍යාත්මකව විශ්ලේෂණය කර ඇත. විශේෂයෙන්ම කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යාම නිසා ගඟ දෙපස පිහිටි විශාල භූමි ප්‍රදේශයක් ජලයෙන් යටවී ඇති ආකාරය මෙහි රෝස පැහැයෙන් දක්වා තිබේ.
මෙම සිතියම සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ හයිඩ්‍රොග්‍රැෆික් මිනුම් ඒකකය සහ ශ්‍රී ලංකා මිනුම්පති දෙපාර්තමේන්තුවේ භූගෝලීය තොරතුරු පද්ධති අංශය (GIS Branch) දායකත්වය ලබා දී තිබේ. මූලික ක්ෂේත්‍ර දත්ත රැස්කිරීමේ කටයුතු 2016 මැයි මස 23 වැනි දින සිට ජූනි මස 02 වැනි දින දක්වා සිදු කර ඇති අතර, එම දත්ත පදනම් කරගෙන 1:90,000 යන පරිමාණය යටතේ මෙම සිතියම නිර්මාණය කර ඇත.
සිතියමෙහි දැක්වෙන දත්ත ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව යාවත්කාලීන කිරීමට යටත්ව ප්‍රකාශයට පත් කර ඇති බව සටහන්ව තිබේ.
සිතියමේ පුරාවෘත්තයට (Legend) අනුව ගංවතුරට යටවූ ප්‍රදේශ රෝස පැහැයෙන්ද, ජල මූලාශ්‍ර සහ ගංගා නිල් පැහැයෙන්ද නිරූපණය කර ඇති අතර ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග, දුම්රිය මාර්ග සහ අධිවේගී මාර්ග පද්ධතියද මෙහි සලකුණු කර ඇත. ගංවතුර තත්ත්වය නිසා මාර්ග පද්ධතියට සහ වගුරු බිම් ආශ්‍රිත කලාපවලට ඇති වූ බලපෑම හඳුනා ගැනීමට මෙය ඉවහල් වන අතර, කැලණි ගඟේ පහළ ද්‍රෝණිය ඔස්සේ මුහුදට ගලා බසින ජල කඳ අවට භූමිය ආක්‍රමණය කළ ආකාරය මෙම සිතියම මගින් මනාව පිළිබිඹු කෙරේ.
මෙම සිතියමට අදාළ ප්‍රදේශ මෙන්ම තවත් වැඩිදුර ගොස් ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවන බවට පුරෝකථනය කර තිබේ.
සම්පූර්ණ සිතියම හා එහි විශාලනය කළ කොටස් මෙතැනින් බලන්න click here


Comments
Post a Comment
Your comment will be visible after approval