
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, කොළඹ නිදහස් මාවතේ පිහිටි ඇය භාවිත කළ නිල නිවසින් සිය බඩු බාහිරාදිය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරුන්ට හිමිව තිබූ වරප්‍රසාද අහෝසි කරමින් මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් 'ජනාධිපති වරප්‍රසාද (අහෝසි කිරීමේ) පනත' අනුව, ඔවුන් භාවිත කළ රාජ්‍ය අනුග්‍රහය ලත් නිල නිවාස නැවත රජයට භාර දිය යුතුව තිබිණි.
ඒ අනුව, මීට පෙර නිල නිවාස භාවිත කරමින් සිටි හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් පසුගිය දිනවලදී එම නිවාස රජයට භාරදීම සිදු කරන ලදී.
කෙසේ වෙතත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තමාට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් නොවැම්බර් මස 30 වන දින දක්වා අදාළ නිල නිවසේ රැඳී සිටීමට මීට පෙර අවසර ඉල්ලා තිබූ අතර, ඒ සඳහා ඇයට කල් ලබා දී තිබුණි.
නමුත්, එම කාලය අවසන් වීමට ප්‍රථමයෙන් ඇය මෙලෙස නිවසින් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, ඉදිරි දින කිහිපය තුළදී ඇය සම්පූර්ණයෙන්ම එම නිල නිවසින් ඉවත් වනු ඇතැයි ඇයගේ මාධ්‍ය කාර්යාලය සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval