
බදුල්ල, මහියංගනය ප්‍රදේශයේදී සිය සැමියා ඝාතනය කළ කාන්තාවක් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සංඝබෝපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි මෙම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට පසුගිය 17 වනදා මහියංගනය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණු අතර ඒ ඔස්සේ පොලිසිය මූලික විමර්ශන ආරම්භ කර තිබිණි.
එම විමර්ශනවලට අනුව ඔක්තෝබර් 21 වනදා වියන ඇළේ තිබී අතුරුදන් වූ පුද්ගලයාගේ යතුරුපැදිය සොයා ගැනීමට පොලිසිය සමත් විය. ඉන් දින තුනකට පසුව, එනම් පසුගිය 24 වනදා ගිරාදුරුකෝට්ටේ උල්හිටිය ජලාශයේ තිබී ඔහුගේ මළ සිරුර පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශන සිදුකරමින් සිටියදී, ඊයේ දිනයේ මහියංගනය පොලිස් ස්ථානය වෙත පැමිණි පුද්ගලයෙකු අදාළ ඝාතනය සිදු කළ බවට පිළිගනිමින් භාර වී ඇත.
මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තමන් අතර පැවති අනියම් සබඳතාවයට සැමියා බාධාවක් වූ බැවින්, බිරිඳගේ උපදෙස් හා උවමනාව මත මෙම ඝාතනය සිදු කළ බව සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
එම පාපොච්චාරණය පදනම් කරගෙන ක්‍රියාත්මක වූ පොලිසිය, ඝාතනය සිදු කළ පුද්ගලයා සහ ඊට අනුබල දුන් මියගිය අයගේ බිරිඳ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම අපරාධය සිදු කිරීමට හවුල් වූ බව කියන තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහියංගනය පොලිසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval