hemal-is-getting-40-lakhs-people-are-doing-amazing-calculations-sunil-t-fernando

පසුගියදා පැවති සිග්නීස් සම්මාන උළෙලට පැමිණි චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු එහිදී හමුවූ මාධ්‍යවේදිනියක සමග පැවැත්වූ සංවාදය පහත පරිදිය.

"ආයුබෝවන්, ආයුබෝවන්!"

ඉතින් කොහොමද කියලා අපි මුලින්ම අහමු?



"මේ වගේ සම්මාන උළෙලක් තිබීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම තරුණයන්ට, නැගී එන නවකයන්ට වගේම ක්ෂේත්‍රයේ සියලුම දෙනාට මේක වැදගත් වෙනවා. සම්මානයක් ගන්නකොට, මේ නවක ළමයින්ට සම්මාන දෙනකොට ඒකෙන් ඔවුන්ට පොඩි ජවයක් ලැබෙනවා. මම හිතන්නේ අද මේ සම්මාන උළෙල පවත්වන්නේ ඉතාම මහා පරිමාණයෙන් වියදම් කරලයි.

මට වෙනත් අත්‍යවශ්‍ය වැඩක් තියෙන නිසා මම ඉක්මනට යනවා. සම්මාන උළෙලෙන් යන්න එපා කියලා නිවේදනය කළත්, මට ඒ වැඩේට යාම අවශ්‍ය නිසා මම යනවා. මොකද මමත් කතෝලිකයෙක්. අනික කතෝලිකයෙක් වශයෙන් මම දන්නවා සිග්නීස් සම්මාන උළෙලේ හොඳ ප්‍රමිතියක් (standard) තියෙනවා කියලා. මම ඒ ගැන සතුටු වෙනවා. ඉතින් මම සුබ පතනවා, මෙච්චර කල් හැම අවුරුද්දෙම මේක කරගෙන ආවා වගේ ඉදිරියටත් දිගටම කරගෙන යන්න කියලා."




සුනිල් සර් කිව්වාම ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ විශාල නිර්මාණ ගණනාවක් කරපු දැවැන්තයෙක්නේ. ඉතින් අපි ඒ ගැනත් කතා කරමු.

"ඔව්, මගෙත් චිත්‍රපටයක් අද මේකේ තියෙනවා මම දැක්කා; 'රහස් කියන කඳු'. ඒක නිෂ්පාදනය කළේ මම. මම දැක්කා ඒකේ නම් (names) දැන් යනවා. ඒකට සම්මානත් ලැබුණා. ඉතින් ඒවා අධ්‍යක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම භාරගනීවි. මමම ගන්න අවශ්‍ය නැහැනේ. ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙයි."

ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉදිරියට මොන වගේ වෙනස්කම්ද සිද්ධ වෙන්න ඕනේ කියලා ඔබතුමා හිතනවාද?

"දැන් ඒ වෙනස්කම් සිද්ධ වෙමින් පවතිනවා. මොකද දැන් චිත්‍රපටි දුවනවා. ඒ කියන්නේ මිනිස්සු කලබල වෙලා වගේ දැන් චිත්‍රපට බලන්න එනවා. මටත් මොරටුවේ සිනමා ශාලාවක් තියෙනවා. ඒකත් මේ දවස්වල හවුස්ෆුල් (පිරී ඉතිරී යනවා). ඉතින් සිනමාවේ විශාල ප්‍රබෝධයක් තියෙනවා. මම හිතන්නේ ඔය විදිහට ගියොත් සිනමාව ගොඩ එයි.

හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ නළු නිළියෝ පුදුම ගණන්නේ අය කරන්නේ. ඒ ගණන් ගෙවලා මේ රටේ චිත්‍රපට පෙන්නන තත්ත්වයට ගන්න හරි අමාරුයි. ඔව්, දැන් මම දන්න විදිහට හේමාල් ලක්ෂ 40ක් ගන්නවලු. ඉතින් එයාට 40ක් ගෙව්වාම අනිත් දේවල්වලට කීයක් ඉතුරු වෙයිද නේද? ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තියෙනවා."

කොහොම වුණත් අපි කැමතියි කලාව ඉස්සරහට යනවට. මොකද ලංකාවේ ගොඩාක් දක්ෂ කලාකරුවෝ ඉන්නවා. දක්ෂ නිර්මාණ බිහිවෙනවා.

බොහොමත්ම ස්තූතියි. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වුණාට ගොඩක් ස්තූතියි සර්. ජය වේවා!

"ජය වේවා!"

සුබ රාත්‍රියක්!  මෙම සංවාදයේ වීඩියෝව මෙතැනින් cick here

gossiplanka image 2
(video -Channel E)