සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයට අයත්, මල්වතු මහා විහාර පරිශ්‍රය තුළ පිහිටා ඇති දළුක්ගොල්ල රාජ මහා විහාරයේ තැන්පත් කර තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් මැණික් ගල් කිහිපයක් අතුරුදන්ව ඇති බවට මහනුවර පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
මෙම පැමිණිල්ල ලැබීමත් සමඟම වහා ක්‍රියාත්මක වූ මහනුවර පොලිස් මූලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ විහාරස්ථානය වෙත ගොස් මූලික විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර, එහිදී විහාර භූමිය තුළ සවිකර ඇති ස්වයංක්‍රීය ආරක්ෂිත කැමරා පද්ධතිය (CCTV) ද විමර්ශන නිලධාරීන් විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇත.
මල්වතු මහා විහාර පරිශ්‍රය යනු පොලිස් ආරක්ෂාවට අමතරව යුද හමුදා ආරක්ෂාව ද තර කර ඇති කලාපයක් වන අතර, එවන් පසුබිමක මෙම වටිනා මැණික් ගල් තොගය සොරකම් කර තිබීම සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් දියත් කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval