රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මහත්මිය ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (24) දින අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියාය. රක්ෂිත බන්ධනාගාරගතව සිටින ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති සැකකරු සම්බන්ධයෙන් සිදුකරන මූල්‍ය විශුද්ධිකරණ විමර්ශනවලට අදාළව මෙම කැඳවීම සිදු කර තිබුණි.
පැය කිහිපයක් එම දෙපාර්තමේන්තුවේ රැඳී සිටි ඇය අදාළ ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව පස්වරු 2.15 ට පමණ ඉන් පිටව ගොස් තිබේ. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන්ව කැඳවූ කාරණය ප්‍රසිද්ධ රහසක් බවත්, විමර්ශන නිලධාරීන් යොමු කළ ප්‍රශ්නවලට අවශ්‍ය පිළිතුරු ලබා දුන් බවත් පමණි.
“ඔයාලට කියන්න දෙයකුත් නෑ ඉතින්. මොකද ප්‍රශ්නවලට අවශ්‍ය කරන පිළිතුරු ලබාදීලා ඇවිල්ලා තියෙන්නේ.”
මීට අමතරව තමන් පෞද්ගලික කාරණාවක් සඳහා පැමිණි බවත් මාධ්‍ය වෙත අනවශ්‍ය ප්‍රකාශ සිදුකිරීමට බලාපොරොත්තු නොවන බවත් ඇය සඳහන් කළාය.එසේ සඳහන් කළ ඇය මාධ්‍ය වෙත කිසිදු කරුණක් ප්‍රකාශ නොකර 'තැන්ක් යූ' කියා පිටව ගියාය.
මෙම සිද්ධිය ඉදිරියේ මින් පෙර පියුමි හංසමාලි හැසිරුනේද මේ ආකාරයට වන අතර 'හැම එකක්ම කියන්න ඕන නෑනෙ අයියා.. මං පැමිණිලි දාන්න ආවේ..' කියා ඇයද එදින පිටව ගියාය.
කෙසේ වෙතත් මීට පෙර සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමින් ගයත්‍රි ඩයස් මහත්මිය ප්‍රකාශ කර තිබුණේ මෙම සිද්ධිය මුල් කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ තමන් දැඩි ප්‍රහාරයකට ලක්ව ඇති බවත් සමාජය තමන්ට ගල් ගසමින් සිටින බවත්ය. ඇය ඒ සම්බන්ධයෙන් විවිධ දාර්ශනික අදහස්ද ඉදිරිපත් කර තිබුණි.
තමන් අත වරදක් නැති බව කියා තිබුනේ ශ්‍රීමාලි ෆොන්සේකා පමණි. මෙම අප්‍රකාශිත කාරණාව මත ගයාත්‍රී කෙරෙහි සැකය වර්ධනය වනු ඇත.
කෝරළගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් 'කෙහෙල්බද්දර පද්මේ' නමැත්තා සමඟ මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු සබඳතා පවත්වා ඇති බවට තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ මෙම විමර්ශන පුළුල් කර තිබේ.
මෙම සිද්ධියට අදාළව මීට පෙර රංගන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
එමෙන්ම රංගන ශිල්පිනී ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය ද මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබා දී ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ 2022 වසරේ ඩුබායි හි පැවති අවුරුදු උත්සවයකදී ලබා ගත් ඡායාරූපයක් මුල් කරගනිමින් තමන්ව ප්‍රශ්න කළ බවයි. තමන් ව්‍යාපාරික කටයුතු සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ඩුබායි රාජ්‍යයට යන බවත් මුදල් විශුද්ධිකරණයකට තමන් සම්බන්ධ නොමැති බවත් ඇය මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
මේ අතර මෙම සිද්ධියට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවත් අසත්‍ය තොරතුරු සමාජගත කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් රංගන ශිල්පිනී හේෂානි ලියදිපිට මහත්මිය ද ප්‍රකාශ කර තිබේ.
ගයාත්‍රී ඩයස් ඇතුළු රංගන ශිල්පීන් කිහිපදෙනෙකු 2022 ඩුබායි අවුරුදු උත්සවයට ගිය අයුරු ඡායාරූප සාක්ෂිද අනාවරණයවූ අතර ඒවා පහතින් දක්වා ඇත.
ගයාත්‍රී ඩයස් රංගන ශිල්පිණිය අද මාධ්‍ය ඉදිරියේ කළ රංගනය වීඩියෝව මෙතැනින් click here
කථාබහක් නිර්මාණය වී තිබෙන ඩුබායිහිදී කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් 2022 පැවැත්වූ අවුරුදු උත්සවයට අදාළ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.
සියලු ඡායාරූප මෙතැනින් click here


Comments
Post a Comment
Your comment will be visible after approval