
ඇතැමුන් සේවයෙන් ඉවත් වන්නේ නිදහසේ සිටීමට හෝ වෙනත් රැකියාවකට යාමටය. තවත් අය කරන්නේ රැකියාව කාලේ හඳුනාගත් හිඩැස් හඳුනාගෙන විශ්‍රාම කාලයේ හොර වැඩ කිරීමය.
තමන් ජ්‍යෙෂ්ඨ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින්, තවත් හවුල්කරුවන් දෙදෙනෙකු සමඟ එක්ව තරුණයන් 25 දෙනෙකුට අධික සංඛ්‍යාවකගේ මුදල් සහ වටිනා දෑ කොල්ලකෑ බව කියන හිටපු පොලිස් නිලධාරියෙකු අතුරුගිරිය පොලිසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන ඇත.
පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ ප්‍රධාන සැකකරු සහ තවත් හවුල්කරුවෙකු, තරුණයන් මග නවතා ඔවුන්ව සැකය මත පරීක්ෂා කරන මුවාවෙන් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි. මොවුන් රටේ විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් මෙම අපරාධ සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
අතුරුගිරිය ප්‍රදේශයේ තරුණයෙකුගේ රුපියල් 210,000 ක් වටිනා රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් කොටුකර ගැනීමට හැකිවී තිබේ. ඒ සඳහා ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීම මගින් සැකකරුවන් හඳුනාගෙන ඇත.
ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් තවත් ප්‍රදේශ ගණනාවකදීම මෙවැනිම මංකොල්ලකෑම් සිදුකළ බවට පිළිගෙන තිබේ. ප්‍රධාන සැකකරු ගම්පහ පොලිසියට අනුයුක්තව සිටි 34 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු බවත්,
අනෙක් සැකකරුවන් රදවාන ප්‍රදේශයේ රියදුරෙකු සහ අපරාධ සඳහා යොදාගත් වාහනයේ හිමිකරු වන ඔබේසේකරපුර ප්‍රදේශයේ 37 හැවිරිදි වෙළඳ විධායකවරයෙකු බවත් වැඩිදුර පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත.
සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා රඳවා තබාගැනීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළේය.
අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරද ප්‍රනාන්දු, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල් යන මහත්වරුන්ගේ උපදෙස් මත සැරයන්වරුන් වන 36709 සුකුමාරන්, 40793 තෙන්නකෝන්, 67354 මධුරංග, 2657 ඉරේෂා සහ පොලිස් කොස්තාපල්වරුන් වන 40892 කිත්සිරි, 84898 හර්ෂ, 98694 විදුරංග යන නිලධාරීන් විසින් මෙම වැටලීම සහ පරීක්ෂණ සිදුකරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval