gossiplanka image 1

 මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ අඩංගු වූ ගැටලු විශාල ප්‍රමාණයක් නුගේගොඩ සක්යා ආයතනයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් කල් තියා සිසුන්ට ලබා දී ඇති බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. ජාතික ගුරු ව්‍යාපාරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පෙන්වා දෙන ආකාරයට මෙවර විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පැවති බහුවරණ ප්‍රශ්න 50 න් 27 ක් සහ

දෙවන ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්න 10 න් 05 ක්ම අදාළ ගුරුවරයාගේ ආදර්ශ ප්‍රශ්න පත්‍රය හා අකුරක් නෑර සැසඳෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අනාවරණය කළ අතර, ඊට අදාළ සාක්ෂි ලෙස රජයේ නිල විභාග ප්‍රශ්න පත්‍රය සහ අදාළ උපකාරක පන්තියේ සිසුන්ට ලබා දුන් ප්‍රශ්න පත්‍රය සභාගත කිරීමට ද පියවර ගත්තේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත්, මෙය සත්‍යයක් නම් එය සමස්ත විභාග පද්ධතියේ විශ්වසනීයත්වයට එල්ල වූ මරු පහරක් බවත් මන්ත්‍රීවරයා එහිදී අධ්‍යාපන බලධාරීන්ගෙන් සහ අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලා සිටියේය.




විශේෂයෙන්ම මෙම තත්ත්වය තුළ නුගේගොඩ සක්යා ආයතනයට පැමිණිය නොහැකි බදුල්ල, මොණරාගල, මහියංගනය සහ දොඹගහවෙල වැනි දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව මන්ත්‍රීවරයා දැඩිව පෙන්වා දුන්නේය. එක් ප්‍රදේශයක සිසුන් කණ්ඩායමකට පමණක් විභාග ප්‍රශ්න කල්තියා ලැබීම හරහා 'සැමට අධ්‍යාපනය' යන සංකල්පය සහමුලින්ම බිඳ වැටෙන බවත්, ග්‍රාමීය දරුවන්ට මෙමගින් විභාගය ජයගැනීමට ඇති සාධාරණ අවස්ථාව අහිමි වන බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙම ආන්දෝලනාත්මක සිදුවීමට සම්බන්ධ බව කියන සක්යා ආයතනයේ 
මෙතරම් නිවැරදිව ප්‍රශ්න පත්‍රය අනුමාන කළ මෙම ටියුෂන් ගුරුවරයා ආරක්ෂා කරන ආණ්ඩුවේ අදෘශ්‍යමාන හස්තය කවුරුන් දැයි ජාතික ගුරු ව්‍යාපාරය ද බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියි.

මෙම විභාග ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විභාග දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් කර තිබෙන අතර ඒ ගැන පරීක්ෂණ සිදුවේ.