වැලිමඩ, බොරලන්ද කන්දේපුහුල්පොල ප්‍රදේශයට ඊයේ (17) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමග පුහුල්පොල ඔයේ හදිසි ජල පහරකට හසුව අතුරුදන් වූ අඹුසැමි යුවළගේම මළ සිරුරු මේ වන විට සොයාගෙන තිබේ.
මෙම යුවළ ගසාගෙන යාමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් ඊයේ (17) රාත්‍රිය පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පළමුව කාන්තාවගේ මළ සිරුර සොයා ගැනීමට හැකිවී තිබුණි. අතුරුදන්ව සිටි පිරිමි පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වූ අතර පසුව ඔහුගේ සිරුරද සොයාගත් බව පොලීසිය තහවුරු කළේය.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 32 ක් වූ බිරිඳ සහ වයස අවුරුදු 37 ක් වූ ඇයගේ සැමියා බව පොලීසිය ප්‍රකාශ කළේය. වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය.

