රන්මිනිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික ආයෝජකයෙකු වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 'සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම' (DBFOM) යන ආකෘතිය යටතේ මෙම ඵලදායී ක්‍රියාත්මක කිරීම සිදු කිරීමට නියමිතය.
රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කළ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතු නිලධාරි කමිටුවක්ද මෙම සිනමා උද්‍යානය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබිණි. එම උද්‍යානයේ උපයෝගිතාව ඉහළ නැංවීම සහ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා සුදුසු වාණිජ ආකෘතියකට අනුව දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කැඳවිය යුතු බව එම කමිටුව නිර්දේශ කර ඇත.
මේ අනුව, අදාළ ආයෝජකයා තෝරා ගැනීම සඳහා 2024 වසරේ ජූලි 22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබිණි.
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, උනන්දුවක් දක්වන ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කැඳවීම සඳහා අමාත්‍ය මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබා දෙන ලදී. එම ආයෝජකයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය තරගකාරී සහ විනිවිදභාවයෙන් යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ සිදු කෙරෙනු ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval