වත්මන් රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ලබන ජනවාරි මාසයේ සිට සමගි ජන බලවේගය විසින් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වත්මන් පාලකයන් රාජ්‍ය නිලධාරීන් සමඟ කටයුතු කරන උද්දච්ච ස්වභාවය හේතුවෙන් පරිපාලන යාන්ත්‍රණය බරපතල ලෙස බිඳ වැටී ඇති බවයි.
හෙට 21 වන සිකුරාදා පැවැත්වෙන විරෝධතා රැලියට සමගි ජන බලවේගය සහභාගී නොවන්නේ ආණ්ඩුව සමඟ ඇති දේශපාලන ගනුදෙනුවක් නිසා නොව, පක්ෂය සතුව ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වීමට වෙනම කාලසටහනක් සහ ක්‍රමවේදයක් පවතින නිසා බව මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.
විපක්ෂයේ වගකීම පාර්ලිමේන්තුව තුළ උපරිමයෙන් ඉටු කරන අතරම, පක්ෂයේ සැලසුම්වලට අනුව ලබන ජනවාරියේ සිට ජනතාව සමඟ එක්ව වීථි සටන් ආරම්භ කරන බවත්, ඉදිරියේදී රට භාර ගැනීමට තම පක්ෂය සතුව විධිමත් වැඩපිළිවෙළක් ඇති බවත් හෙක්ටර් අප්පුහාමි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් අතර පැවති විශ්වාසය ගිලිහී යාම නිසා ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර සහ වාහන අංක තහඩු නිකුත් කිරීම වැනි අත්‍යවශ්‍ය මහජන සේවාවන් ඉටු කිරීමට රජය අසමත් වී ඇති බව හෙතෙම සඳහන් කළේය. රාජ්‍ය නිලධාරීන්ගේ දක්ෂතාව හඳුනාගෙන ඔවුන්ව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට දායක කර ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval