dead-body-found-in-front-of-galle-hospital

ගාල්ල ජාතික රෝහලේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස මහා මාර්ගයේ තිබී පුද්ගල මළ සිරුරක් අද (20) උදෑසන කාලයේදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

රෝහල් පොලිසිය පවසන පරිදි අදාළ පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත්තේ රෝහල් ගේට්ටුව ඉදිරිපිට මාර්ගයේ වැටී තිබියදීය.

මේ පිළිබඳව සිදුකළ මූලික සොයාබැලීම්වලදී අනාවරණය වී ඇත්තේ මියගිය මෙම පුද්ගලයා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධව පරීක්ෂණයක් සිදුවේ.




gossiplanka image 2