මෙක්සිකෝවේ ජනාධිපතිනී ක්ලෝදියා ෂේන්බෝම්, මෙක්සිකෝ නගරයේ වීදි සංචාරයක යෙදෙමින් ජනතාව සමග සුහදව කතාබස් කරමින් සිටියදී පුද්ගලයෙකුගේ ලිංගික අතවරයකට ලක්වී තිබේ. මෙම සිදුවීමත් සමග ජනාධිපති ආරක්ෂාවේ පවතින දුර්වලතා මෙන්ම, එරට කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනයේ බරපතලකම පිළිබඳව ද දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
අඟහරුවාදා සිදු වූ මෙම සිදුවීමට අදාළ වීඩියෝ දර්ශනවල, පෙනුමෙන් බීමතින් සිටින පුද්ගලයෙකු ජනාධිපතිනියගේ ගෙල සිප ගැනීමට සහ ඇයව පිටුපසින් වැළඳ ගැනීමට උත්සාහ දරනු දැක්වේ. එම අවස්ථාවේදී ජනාධිපතිනිය ඔහුගේ දෑත් ඉවත් කර ඔහු දෙසට හැරෙන අතර, වහාම ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරියෙකු ඔවුන් දෙදෙනා අතරට පැමිණ අදාළ පුද්ගලයාව ඉවතට ගෙන යයි. එම පුද්ගලයාව ඉවතට ගෙන යන අතරතුර, ජනාධිපති ෂේන්බෝම් අපහසුතාවයෙන් යුතුව සිනාසෙමින් "කලබල වෙන්න එපා" ("Don't worry") යැයි පවසනුද දැකගත හැකිය.
රාජ්‍ය පොලිසිය පසුව තහවුරු කළේ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි. බදාදා දිනයේදී ජනාධිපතිනී ෂේන්බෝම් ප්‍රකාශ කළේ තමන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. සිය දෛනික මාධ්‍ය හමුවේදී ඇය කියා සිටියේ, "මා මෙය අත්දුටුවේ කාන්තාවක් ලෙසයි, නමුත් මෙය අපේ රටේ සියලුම කාන්තාවන් අත්විඳින දෙයක්," යනුවෙනි. "මම පැමිණිල්ලක් ගොනු නොකළහොත්, එය මෙක්සිකෝවේ අනෙකුත් සියලුම කාන්තාවන්ට කුමන පණිවිඩයක්ද දෙන්නේ? ජනාධිපතිනියට මෙසේ කරනවා නම්, රටේ අනෙක් කාන්තාවන්ට කුමක් සිදු වෙනවා ඇත්ද?" යැයි ඇය ප්‍රශ්න කළාය. වීඩියෝව මෙතැනින් click here

Comments
Post a Comment
Your comment will be visible after approval