67-magnitude-earthquake-strikes-indian-ocean-amid-heavy-rains
ඉන්දීය සාගර කලාපයේ ඉන්දුනීසියාවේ උතුරු සුමත්‍රා ප්‍රදේශය ආශ්‍රිතව රික්ටර් මාපකයේ ඒකක 6.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් අද (27) දින පෙරවරු 10:26ට පමණ හටගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම භූ කම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර් 25ක ගැඹුරකින් යුතුව, උතුරු අක්ෂාංශ 2.68 සහ නැගෙනහිර දේශාංශ 96.07 යන ස්ථානීය පිහිටීමක සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ දත්ත වාර්තාවල දැක්වේ.

මෙම භූ කම්පන තත්ත්වය සැළකිල්ලට ගනිමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද දින පෙරවරු 10:43ට අංක 01 දරණ නිවේදනය නිකුත් කරමින්, දිවයින වටා වෙරළබඩ සහ ඒ අවට ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී සිටී. මෙය 'සුදු' වර්ණය යටතේ නිකුත් කරන ලද මූලික තොරතුරු දැනුම් දීමේ නිවේදනයක් බැවින්, මේ සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ඉදිරි නිවේදන පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ද අදාළ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.