4-members-of-the-same-family-missing-after-being-swept-away-in-deduru-oya

 7.40 pm update
දැදුරු ඔය පාලම ආසන්නයේ ගසාගෙන ගොස් එකම පවුලේ 4 දෙනාගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා විය. මෙම අනතුරින් එම පවුලේ එක් අයෙකු පමණක් දිවිබේරාගත් නමුත් දිය පෙවී තවම රෝහලේ පසුවේ.
  7.15 pm update

හලාවත පොලිස් වසමේ දැදුරු ඔය පාලම ආසන්නයේ අද (05) සවස් කාලයේ දිය නාමින් සිටි තරුණයන් සිව් දෙනෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව වාර්තා වේ.



කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක පිරිසක් මෙලෙස දිය නෑමට ගොස් ඇති අතර, ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා තිබේ. වාර්තාවලට අනුව, මෙම පිරිස මුන්නේශ්වරම් ප්‍රදේශයේ සංචාරයකින් අනතුරුව නැවත පැමිණෙමින් සිටියදී දිය නෑම සඳහා මෙම ස්ථානයට පැමිණ ඇත.




අනතුරට පත් වූවන් අතර සිටි එක් තරුණයෙකු බේරා ගැනීමට හැකිවී ඇති අතර, ඔහුව ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.
දියේ ගිලී ගසාගෙන ගිය පස් දෙනා එකම පවුලේ අය බවද වාර්තාවූ අතර හලාවත පොලිසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරතිබේ.

gossiplanka image 2



gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5