ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් 2025 නොවැම්බර් මස 30 වන දින පස්වරු 4.00 ට නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක 25 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 273,606 කට අයත් පුද්ගලයින් 998,918 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සමස්ත මරණ 212 ක් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 218 දෙනෙකු අතුරුදහන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජනක හඳුන්පතිරාජ මහතාගේ අත්සනින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
දිවයින පුරා ආරක්ෂිත මධ්‍යස්ථාන 1,275 ක් ස්ථාපිත කර ඇති අතර, එහි පවුල් 51,228 කට අයත් පුද්ගලයින් 180,499 දෙනෙකු මේ වන විට රඳවා තබා ඇත. ආපදා තත්ත්වයෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 211,719 කි. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 174,255 ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 135,922 ක් පීඩාවට පත්ව තිබේ. මන්නාරම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 79,946 ක් පීඩාවට පත්ව ඇති අතර, එයිනුත් පුද්ගලයින් 35,505 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 83 ක රඳවා සිටීම විශේෂත්වයක් වේ.
වැඩිම මරණ සංඛ්‍යාවක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 71 ක් වන අතර එහි අතුරුදහන්වූවන් 53 දෙනෙකු සිටියි. මහනුවර දිස්ත්‍රික්කයෙන් මරණ 66 ක් වාර්තා වී ඇති අතර, වැඩිම අතුරුදහන්වීම් සංඛ්‍යාව වන පුද්ගලයින් 105 දෙනෙකු එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊට අමතරව මාතලේ දිස්ත්‍රික්කයෙන් මරණ 20 ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 19 ක් වාර්තා වී ඇති අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූ සංඛ්‍යාව 37 කි. අම්පාර දිස්ත්‍රික්කයෙන් මරණ 8 ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 6 ක් ද වාර්තා වී ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 11,579 කට අයත් පුද්ගලයින් 45,769 ක් පීඩාවට පත්ව සිටින අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 54,107 ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 47,856 ක් ද පීඩාවට පත්ව තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 9,154 කට අයත් පුද්ගලයින් 29,439 ක් පීඩාවට පත්ව ඇති අතර එක් මරණයක් වාර්තා වේ.
අනුරාධපුර, මුලතිව්, කෑගල්ල, වවුනියාව සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් ද මරණ කිහිපයක් වාර්තා වී ඇති අතර, මාතර දිස්ත්‍රික්කයෙන් මරණ කිසිවක් වාර්තා වී නොමැති වුවද පුද්ගලයින් 1,329 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 5,809 කට අයත් පුද්ගලයින් 20,097 ක් ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 12,647 ක් ද ආපදාවලට මුහුණ පා ඇත. කළුතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 4,726 ක් පීඩාවට පත්ව ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 9,349 ක් පීඩාවට පත්ව තිබේ. දිවයින පුරා විසිරී ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 180 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 114 ක් ක්‍රියාත්මක වන අතර, අවම වශයෙන් එක් ආරක්ෂිත මධ්‍යස්ථානයක් හෝ පිහිටුවා නොමැති දිස්ත්‍රික්ක ලෙස මාතර සහ ගාල්ල වාර්තා වී ඇත.
විශාලනය කළ දත්ත වගුව බලන්න click here


Comments
Post a Comment
Your comment will be visible after approval