2026 වසරේ ජනවාරි මස 22-25 පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සාහිත්‍ය උළෙල (Galle Literary Festival) කල් දමා ඇති බව එහි සංවිධායක මණ්ඩලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
උළෙලේ සංවිධානාත්මක ව්‍යුහය නැවත සමාලෝචනය කර වඩාත් ශක්තිමත් කිරීමටත්, එහි අනාගත ගමන තිරසාර මාවතකට යොමු කිරීමටත් අවශ්‍ය කාලය ලබා ගැනීම සඳහා මෙම තීරණය ගත් බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මෙය බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූ පුවතක් නොවන බව තමන් දන්නා බවත්, සංවිධායකයින් ලෙස තමන්ටද දැනෙන්නේ එම හැඟීමම බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
2007 වසරේ ආරම්භ වූ ගාල්ල සාහිත්‍ය උළෙල, දෙස් විදෙස් ලේඛකයින්, පාඨකයින් සහ විද්වතුන් ඓතිහාසික ගාලු පුරවරයට එක්රොක් කරන ශ්‍රී ලංකාවේ ඉතාමත් කීර්තිමත් සංස්කෘතික මංගල්‍යයක් ලෙස සැලකේ.
මේ සඳහා විදේශවල සිට සාහිත්‍ය ප්‍රේමීන් පැමිණ තිබුණ අතර ලබන ජනවාරියේ පවත්වන බවට විශාල ප්‍රචාරයක්ද සමාජ මාධ්‍ය ඔස්සේ දියත් කර තිබුණි. කෙසේ නමුත් මාස දෙකහමාරක් වැනි කාලයක් තිබියදී එය අත්හැර දමා ඇති අතර මේ ගැන කලකිරීමට පත් පාඨකයින් සමාජ මාධ්‍ය ඔස්සේ සිය නොසතුට පළ කර තිබේ.
කෙසේ වෙතත්, සාහිත්‍ය නිර්මාණ සහ නව අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් තමන් අඛණ්ඩව කැපවී සිටින බව සහතික කරන සංවිධායකයින් පැවසුවේ, නව ජවයකින් සහ නව අදහස් සමඟින් 2027 වසරේදී ගාල්ල සාහිත්‍ය උළෙල යළි පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval