
කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේ කලහකාරී ලෙස හැසිරෙමින් සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ රාජකාරිවලට බාධා කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවන් සිව්දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගිය 4 වැනිදා නියෝග කළේය.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මවක්, ඇයගේ පුත්‍රයා, සහෝදරයෙකු සහ සහෝදරියක මෙලෙස ඇප මත මුදා හැරුණු අතර, එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණි. නඩත්තු නඩුවක් සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවක ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඔවුන් කලහකාරී ලෙස හැසිරී පහරදීම් සිදුකර ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.
පසුව මෙම පිරිස කෙසෙල්වත්ත පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර උස් හඬින් කෑගසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව විමර්ශන නිලධාරීහු පැවසූහ. අධිකරණ භූමියේ කලහකාරී හැසිරීම සහ පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval