කොළඹ විශාඛා විද්‍යාලය විසින් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් උත්සව ශාලාවේ පවත්වනු ලැබූ උත්සවයක් අවසානයේ, ජනප්‍රිය නිළියක් පැදවූ මෝටර් රථයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකඩ පොලිසිය තහවුරු කරයි.
මෙසේ අනතුරට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් වන කොටිකාවත්ත ප්‍රදේශයේ සහ වයස අවුරුදු 36 ක් වන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකි. විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි, එක් කාන්තාවකගේ පාදයක් බිඳී ගොස් ඇති අතර අනෙක් කාන්තාවගේ උකුල් ඇටය ආශ්‍රිත ප්‍රදේශයට හානි සිදුවී ඇත.
අනතුරට සම්බන්ධ ජනප්‍රිය නිළිය ද මේ වන විට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. පසුගිය 20 වන දින පෙරවරු 10.30 ට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ සුපිරි හෝටල් භූමියේදී නිළිය සිය මෝටර් රථය පසුපසට ධාවනය කරද්දී මෙම කාන්තාවන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය වන අවස්ථාවේ නිළිය මත්පැන් පානය කර සිටියේද යන්න පිළිබඳව පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත, නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ මෙහෙයවීම යටතේ වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.
Comments
Post a Comment
Your comment will be visible after approval