
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හෙට (06) දින තංගල්ල පොලිස් ස්ථානය වෙත කැඳවා තිබේ. ඒ මහතාට හෙට පෙරවරු 10.00 ට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
මෑතකදී තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවෙකු වන "බෙලිඅත්තේ සනා" නැමැත්තා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත සිදුකර ඇති ප්‍රකාශයක් මෙම කැඳවීමට පාදක වී ඇත.
අදාළ සැකකරු මේ වන විට දින 9ක රැඳවුම් නියෝග මත තංගල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක්කරමින් සිටින අතර, ජනාධිපති අනුර කුමාර සනාගේ නිවසට ගොස් ආහාර ලබාගෙන ඇති බවටත් සනා ජාජබ ප්‍රබල ආධාරකරුවෙකු බවටත් පවසමින් විමල් වීරවංශ දේශපාලන වාසියක් ගැනීමට ප්‍රකාශයක් සිදුකර තිබුණි.
ඒ ප්‍රකාශය පිළිබඳව කරුණු විමසීම සඳහා හිටපු අමාත්‍යවරයාව මෙලෙස කැඳවා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval