theripaha-thera-who-fasted-in-2022-to-expel-mahinda-rajapaksa-is-now-on-a-fast-demanding-protection

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සහ එම ආරක්ෂාව යළි ලබා දෙන ලෙස ඉල්ලා රතුපස්වල තෙරිපැහැ සිරිදම්ම හිමියෝ අද (08) දහවල් උපවාසයක් ආරම්භ කළහ. තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස ඉදිරිපිට ඩී.එස්. සේනානායක පිළිරුව අසලදී උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ දහවල් 01.00 ට පමණය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පමණක් නොව අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ගේ ද ආරක්ෂාව තහවුරු කළ යුතු බවට සිරිදම්ම හිමියෝ මෙහිදී ඉල්ලා සිටිති.



මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට පරිහරණයට ලබාදී තිබූ වෙඩි නොවදින වාහනය භාරදුන් පසු ඔහුගේ නීතිඥයා ප්‍රකාශ කළේ 'මහින්දගේ ජීවිතය අනතුරේ' යනුවෙනි. කෙසේ වෙතත් ඔහු රජයේ ආරක්ෂක අංශ වෙතින් මහින්දගේ ආරක්ෂාවට අදාළ වාහනය ලිඛිතව ඉල්ලා නොමැතිව මාධ්‍ය වෙත ගොස් මෙම කාරණාව ප්‍රකාශ කළ අතර මෙම හිමි නම අද උපවාස කරන්නේ වෙඩි නොවදින රථයක් එම පාර්ශ්වයෙන් ඉල්ලා නැති පසුබිමකය. මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනපතිවරුන්ට හිමි ආරක්ෂාව ඉවත්කර නැති 60 දෙනෙකු යොදවා ඇති  පසුබිමක මෙම උපවාසය සිදු කිරීමද විශේෂිතය.

මෙම වාහන ගැටලුව ගැන පවසමින් හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳ පනතට ආරක්ෂාව සම්බන්ධ කරුණු අදාළ නොවන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළේය. අමාත්‍යාංශ නිවේදනයක් ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ ඇතැම් හිටපු ජනාධිපතිවරුන් සිය ආරක්ෂාව සඳහා භාවිත කළ වාහන මේ වන විටත් නැවත භාර දී ඇති නමුත්, එම හිමිකම් අහෝසි කිරීමේ පනතට එය බල නොපාන බවයි.



කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කළ අමාත්‍යවරයා, ආරක්ෂාව සඳහා අවශ්‍ය වාහන හෝ වෙනත් ඕනෑම දෙයක් පිළිබඳව ඉල්ලීමක් කරන්නේ නම්, ඒවා නැවත ලබා දීමට රජය සූදානම් බවට ද සහතිකයක් ලබා දුන්නේය.

තෙරිපැහැ සිරිදම්ම හිමි උපවාස නිසා ප්‍රසිද්ධියක් උසුලන හිමි නමකි. මෙම හිමි වරක් රතු පස්වල කර්මාන්ත ශාලාව ඉදිරිපිට උපවාසයක නිරතව ඇති අතරම 2022 අප්‍රේල් අරගල සමයේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හා එවක අගමැති මහින්ද රාජපක්ෂ එළවා දැමීම වෙනුවෙන්ද මාරාන්තික උපවාසයක නිරතව සිටියේය.
මෙවර මහින්දගේ ආරක්ෂාව ඉල්ලා උපවාසයක නිරතවන්නේද එම හිමි මය.

gossiplanka image 1


gossiplanka image 3