the-cache-of-ammunition-found-on-the-roof-of-a-building-on-mal-road-belongs-to-the-militants

 කොළඹ 07, මල් පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක වහලයක් මත තිබී ගෑස් උණ්ඩ 10ක් සහිත බෑගයක් සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය වාර්තා කරයි.

අරගල සමයේදී රැගෙන ආ බවට සැක කළ හැකි මෙම උණ්ඩ තොගය කැමෝ වර්ගයේ බෑගයක් තුළ තිබී ඇත. කොළඹ දකුණ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් කුරුඳුවත්ත පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයාට කරන ලද දැනුම් දීමක් අනුව මෙම ගෑස් උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.




2022 වර්ෂයේදී  අගමැති කාර්යාලය ආසන්නයේ පැවති උද්ඝෝෂණයකදී ආරක්ෂක අංශ විසින් රැගෙන එන ලද ගෑස් උණ්ඩ තොගයක් අරගලකරුවන් අතට පත්වී වීසි කරනු ලැබ ඇති අතර, එහිදී මෙම ගොඩනැගිල්ල මත ඒවා රැඳෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ගෑස් උණ්ඩ බහා තිබූ කැමෝ වර්ගයේ බෑගය සොයාගන්නා මොහොත වනවිට දිරාපත්ව තිබුණු බවද වැඩිදුරටත් පැවසේ.

කුරුඳුවත්ත පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් කුමාර බණ්ඩාර මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.