
ජාත්‍යන්තර මුහුදු සීමාවේදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පලා ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම පලායාම ඉකුත් 13 වනදා අලුයම සිදුව ඇති අතර, රැඳවියා බන්ධනාගාරයේ තාප්පය මතට නැඟ ඉන් පිටතට පැන පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
මෙසේ පලා ගොස් ඇත්තේ අක්මීමන, ඇතැඹගස්වැල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. මොහු 2023 වසරේ ජනවාරි මස 05 වන දින, නාවික හමුදාව විසින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකි. "කවිඳු පුතා" නැමැති බහුදින ධීවර යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 189ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 55ක් සමඟ මෙම පුද්ගලයා ඇතුළු කණ්ඩායමක් නාවික හමුදා භාරයට පත් වූ අතර, පසුව අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
පලා ගිය රැඳවියා නීති විරෝධී ලෙස බෝට්ටු මාර්ගයෙන් රටින් පිටවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
Comments
Post a Comment
Your comment will be visible after approval