ඇල්පිටිය, ගනේගොඩ ඉහළ ඕමත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක් වෙත ඊයේ (04) රාත්‍රියේ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි මෙම පුද්ගලයින් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් නිවසේ ඉදිරිපස ජනේලයකට හානි සිදුව ඇති බව ඇල්පිටිය පොලීසිය සඳහන් කරයි.
ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යනු ලබන හිටපු යුද හමුදා සෙබළෙකුගේ නිවස මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වී ඇත. සිද්ධිය වන අවස්ථාවේ නිවෙස් හිමියා නිවසේ රැඳී සිට ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව පොලීසිය තහවුරු කළේය.
මෙම හිටපු හමුදා සෙබළා ප්‍රදේශයේ ප්‍රසිද්ධ චරිතයක් වන අතර, ඔහුට මීට පෙර පාතාල කල්ලිවලින් තර්ජන එල්ල වී තිබූ බවට තොරතුරු ලැබී ඇත. ඒ අනුව, ඔහුව බිය ගැන්වීමේ අරමුණින් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
රාත්‍රී 10.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත්, සිද්ධියට අදාළ නියම හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසයි. ඇල්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval