gossiplanka image 1

 පවතින අධික වර්ෂාපතන තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කර තිබේ. අද පස්වරු 7.00 සිට හෙට පස්වරු 7.00 දක්වා වූ පැය 24ක කාල සීමාවක් සඳහා මෙම නව අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව එම සංවිධානය සඳහන් කරයි.



මෙම නිවේදනය මගින් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් වෙත අවධානය යොමු කරන ලෙස දන්වා ඇත. ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ ඌව පරණගම ප්‍රදේශත්,


මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුනුවර, දෙල්තොට සහ උඩුදුම්බර යන ප්‍රදේශත් ඊට ඇතුළත් වේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, අරණායක, කෑගල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක වේ. තවද, මාතලේ දිස්ත්‍රික්කයට අයත් යටවත්ත, අඹන්ඟග කොරළේ, උකුවෙල, පල්ලෙපාලෙ සහ රත්තොට ප්‍රදේශ ද අවදානම් කලාප ලෙස දක්වා තිබේ.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, වලපනේ, අඹගමුව යන කොට්ඨාසත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, ඇහැලියගොඩ, කලවාන, රත්නපුර සහ වැලිගෙපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් නායයාම් අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අවධාරණය කරයි.