prices-of-three-types-of-fuel-reduced

මිල සූත්‍රයට අනුකූලව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන වර්ග තුනක මිල ගණන් ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබේ.



මෙම නව මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 06කින් අඩුකර ඇති අතර, එහි නව විකුණුම් මිල රුපියල් 277 කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 06කින් පහළ දමා ඇති අතර, එහි නව මිල සටහන් වන්නේ රුපියල් 335ක් ලෙසය.

එමෙන්ම, ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් අඩුකර ඇති අතර, ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 180ක් වනු ඇත.

කෙසේ වෙතත්, ඔක්ටේන් 92 පෙට්‍රල් (රු. 299) සහ ලංකා සුපර් ඩීසල් (රු. 313) මිල ගණන් කිසිදු වෙනසකින් තොරව එලෙසම පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කළේය.