ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, මෑතකදී සිදුකළ කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව, අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන් සහ ඒවා යටතේ පවතින දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සංශෝධනය කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නව වෙනස්කම්වලට අනුව, මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ තිබූ පුනරුත්ථාපන කාර්යාංශය, මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය වෙත පවරා දී ඇත.
කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සංස්ථා සමාගම, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතට ගෙන ඇති අතර, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූ සලසිනේ මාධ්‍ය විසඳුම් පෞද්ගලික සමාගම දැන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පත්කර තිබේ.
මීට අමතරව, පරිසර අමාත්‍යාංශය සතුව තිබූ භූ විද්‍යා, සමීක්ෂණ හා පතල් කාර්යාංශය, කාර්මික ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට අයත්ව තිබූ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙත මාරු කර ඇත.
බලශක්ති අමාත්‍යාංශය යටතේ පැවති ලංකා විදුලිබල සමාගම, ලංකා විදුලිබල පෞද්ගලික සමාගම ලෙස ප්‍රතිසංවිධානය කර ඇති බවත්, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ හඳුන්වා දෙනු ලබන නව ආයතන හතරක් පිළිබඳ තොරතුරු ද අදාළ ගැසට් නිවේදනයේ පළ කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්
Amended ministry portfolios
Comments
Post a Comment
Your comment will be visible after approval