
බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහනයේ නිරත සියලුම ත්‍රිරෝද රථ සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය කර තිබේ. එම අවසර පත්‍රය නොමැති කිසිදු ත්‍රිරෝද රථයකට මගීන් ප්‍රවාහනය කිරීමට ඉදිරියේදී ඉඩ ලබා නොදෙන බව බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කරයි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අද (01) දින සිට ආරම්භ කරන බව එම අධිකාරියේ කළමනාකාර (ධාවන) ජීවන්ත කීර්තිරත්න මහතා සඳහන් කළේය. ලියාපදිංචි වීම සඳහා ත්‍රිරෝද රථ හිමියන්ට යම්කිසි කාල සීමාවක් ලබා දෙන අතර,
එම කාලය අවසන් වූ පසු බලපත්‍ර රහිතව මගී සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මේ වන විටත් බස්නාහිර පළාතේ ලක්ෂ තුනකට අධික යැයි ගණන් බලා ඇති ත්‍රිරෝද රථ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවද කීර්තිරත්න මහතා පැවසීය. මෙම ලියාපදිංචිය සඳහා එක් ත්‍රිරෝද රථයකින් රුපියල් 500ක ගාස්තුවක් අය කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval