nuwandika-sings-the-national-anthem-for-the-icc-womens-cricket-world-cup-opening-ceremony

 ඉන්දියාවේ, ගුවහාටිහි බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමේ සුවිශේෂී ගෞරවය, මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී විශාරද නුවන්දිකා සේනාරත්න විසින් හිමිකරගෙන තිබේ. ඇය ජාතික ගීය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹුම් වාර මිලියන දහය ඉක්මවා යමින් වාර්තාගත ප්‍රතිචාරයක් ලබා ඇත.



මෙම උත්සවයේදී ඉන්දීය ජාතික ගීය ගායනා කිරීම සඳහා එරට අතිශය ජනප්‍රිය ගායන ශිල්පිනියක වන ශ්‍රෙයා ඝෝෂාල් තෝරාගෙන තිබීම,

නුවන්දිකා සේනාරත්නට හිමිවූ අවස්ථාවේ වටිනාකම තවදුරටත් ඉහළ නංවන්නක් විය. ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ තරගාවලියෙන් ක්ෂේත්‍රයට පිවිසි නුවන්දිකා, කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බටහිර සංගීත සම්භාව්‍ය ගායනය පිළිබඳ ශාස්ත්‍රවේදී ගෞරව විශේෂ උපාධිධාරිනියක මෙන්ම ගුවන්විදුලි සංස්ථාවේ ‘A’ ශ්‍රේණියේ ශිල්පිනියක ද වන්නීය.

මෙම අත්දැකීම පිළිබඳව අදහස් දක්වමින් නුවන්දිකා සඳහන් කළේ, තමාට ශ්‍රී ලංකාවෙන් මෙන්ම ඉන්දියාවෙන් ද බලාපොරොත්තු නොවූ ඉහළ ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවත්, ඒ පිළිබඳව බෙහෙවින් සතුටට පත්වන බවත්ය. සිය ජීවිතයේ ලද සුවිශේෂීම අවස්ථාව මෙය බව පැවසූ ඇය, තමාට මෙම අවස්ථාව ලබාදුන් ‘Million Laugh Entertainment’ ආයතනයට සිය කෘතඥතාව පළ කළාය.

ලෝක පූජිත ගායන ශිල්පිනියක වන ශ්‍රෙයා ඝෝෂාල් ඉන්දීය ජාතික ගීය ගායනා කරන වේදිකාවේ අනෙක් පසින් ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමට ලැබීම තමා ලද විශාලතම භාග්‍යය ලෙස සලකන බවද නුවන්දිකා සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළාය.
ඇගේ ගායනයේ වීඩියෝව පහතින්

gossiplanka image 1


gossiplanka image 2
gossiplanka image 3