ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් හි ධම්ම සරණ බෞද්ධ පන්සලේ ප්‍රධාන හිමිනම වන 70 හැවිරිදි නාඕටුන්නේ විජිත හිමියන්, අවුරුදු හතරේ සිට දොළොස් දක්වා වූ දැරියන් හය දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් චෝදනා 17 කට වරදකරු ලෙස එරට අධිකරණය නිගමනය කර ඇත.
විජිත හිමියන්ට එරෙහිව චෝදනා 19 ක් ඉදිරිපත් කර තිබුණු අතර, එයින් ලිංගික අපයෝජන චෝදනා 17 කට වරදකරු බව විනිශ්චය සභාව විසින් තීරණය කරන ලදී. විනිසුරු පර්දීප් ටිවානා විසින් විජිත හිමියන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලද අතර, දඬුවම් නියම කිරීම සඳහා වන විධිවිධාන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.
චෝදනා වලට අනුව, විජිත හිමියන් 1994 දී ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ ස්ප්‍රිංවේල් හි ධම්ම සරණ බෞද්ධ පන්සලේ ප්‍රධාන හිමිනම ලෙස පත් වූ පසු මෙම අපරාධ ඇරඹී ඇති අතර, පන්සල 2000 දී කීස්බරෝ ප්‍රදේශයට ගෙන ගිය පසුවද මෙම අපයෝජන සිදුවී ඇත.
මෙම චෝදනා පිළිබඳ නඩු විභාගය සති හතරක් පුරා වික්ටෝරියා කවුන්ටි උසාවියේ පැවැත් වූ අතර, විජිත හිමියන් චෝදනා 19 ටම නොවරදකරු බව ප්‍රකාශ කර තිබුණි. කෙසේ වෙතත්, විනිශ්චය සභාව, සති හතරක් පුරා සාක්ෂි විමසීමෙන් පසු, චෝදනා 17 කට එරෙහිව වරදකරු බවට තීන්දු කළහ. විජිත හිමියන් ගැහැණු ළමයෙකුගේ රහස් අංගය තුළට ඇඟිලි, රුලරක් සහ මකන රබරයක් ද ඇතුළු කළ බවට අශෝභන චෝදනා එල්ල විය.
විනිශ්චය සභාව විසින් අපයෝජනයට ලක්වූවන්ගේ සාක්ෂි විශ්වසනීය යැයි තීරණය කර ඇති අතර, ප්‍රධාන නඩුකාර විනිසුරු ටිවානා විජිත හිමියන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති නඩුව ශක්තිමත් බවත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ඉතා සවිස්තරාත්මක බවත් ප්‍රකාශ කර ඇත.
පන්සලේ භාවනා කාමරය, හිමියන්ගේ නේවාසික කාමරය සහ ඉරිදා දහම් පාසල තුළදී මෙම අපයෝජන සිදුකර ඇති බවට චෝදනා ඉදිරිපත් විය. විජිත හිමියන් නිතර ළමයින් තමාගේ කාමරයට ගෙන ගොස් ලිංගිකව අපයෝජනය කර ඇති අතර, සමහර අවස්ථාවලදී ඔවුන්ට කෑම හෝ තෑගි ලබා දී ඇත.
එක් වින්දිතයෙකු සාක්ෂි දෙමින් කියා සිටියේ අවුරුදු නවයේදී ඇයගේ ජීවිතයේ පළමු හාදුව විජිත හිමියන් විසින් "සොරාගත්" බවයි. ඇයගේ කලිසමේ සිප් එක ඇර ඇය ලිංගිකව අපයෝජනය කළ පසු එම හාදුව ලබාදී ඇත.
ඇයගේ මව උසාවියේදී කඳුළු සලමින් සාක්ෂි දුන්නේ ඇයගේ දියණිය වැඩිවියට පත්වූ පසු, ඔවුන්ගේ ආගමික නායකයා විසින් ඇය අවුරුදු 9-11 වයසේ පසුවන විට අවස්ථා පහකදී අපයෝජනයට ලක් කළ බව ඇයට පැවසූ විට ඇය දැඩි කම්පනයට පත්වූ බවයි.
"මම ඒක ඇසූ විට මට මහත් කම්පනයක් ඇති වුණා, මොකද මම ඔහු විශ්වාස කළා," මව පැවසුවාය.
තවත් වින්දිතයකු සාක්ෂි දෙමින් කියා සිටියේ ඇය අවුරුදු අට පමණ වයසේදී අපයෝජනයට ලක්වූ අවස්ථාවේ ඇඳ සිටි ගවුම පසුව කතුරකින් කපා දැමූ බවයි. විජිත හිමියන් ඇය අපයෝජනය කිරීමෙන් පසු ඇයට අලි රූපයක් සහිත යතුරු පොකුරු පටියක් තෑගි කර ඇත.
"ඉක්මනින්, ඉක්මනින්, මට ගෙදර යන්න ඕනෑ," ඇය මෙම සිද්ධියෙන් පසු ඇගේ මවට පවසා ඇත.
ඇයගේ මව මතක් කළේ පන්සලෙන් පිටත්ව යාමේදී ඇයගේ දියණිය එම තෑගි කළ යතුරු පොකුරු පටිය ඔවුන්ගේ මෝටර් රථයට විසි කරමින් "මං මේකට අකමැතියි" කියා පැවසූ බවයි.
විජිත හිමියන්ට එරෙහිව 2023 අගෝස්තු මාසය දක්වා චෝදනා ගොනු කර නොතිබුණි.
පන්සලේ වෙබ් අඩවියේ පළ කර තිබූ හිමියන්ගේ විස්තරයක සඳහන් කළේ එහිමි පන්සලේ ඉරිදා දහම් පාසල් වැඩසටහන සාර්ථකව පවත්වාගෙන ගිය බවත්, "ළමුන් සමඟ ඔහුගේ සම්බන්ධතාවය සහ ජනප්‍රියත්වය අති විශේෂයෙන් සැලකිය යුතු" බවත් ය.
බෞද්ධ සංඝයා සාම්ප්‍රදායිකව දැඩි නීතිරීති අනුගමනය කරනු ලැබේ. ඒ අතරින් ජීවිත හානි නොකිරීම, ලිංගික සම්බන්ධතා නොපැවැත්වීම සහ බොරු නොකීම අන්තර්ගත වේ. විකාලභෝජනයේද යෙදෙන අතර, මේ නිසා නඩු විභාගය අතරතුර උසාවිය විජිත හිමියන්ට ආහාර වේලක් ගැනීම සඳහා පෙරවරු 11.30 සිට මිනිත්තු 30 ක විවේකයක් ලබා දුන්නේය.
දැනට රිමාන්ඩ් කර ඇති විජිත හිමියන්ට දෙසැම්බර් මාසයේදී දඬුවම් නියම කිරීමට පෙර අවශ්‍ය විධිවිධාන සඳහා අධිකරණයට නැවත ඉදිරිපත් කරනු ලැබේ. දඬුවම් ලබාදී සිරගත කරනවාට අමතරව බොහෝ දුරට එරටින් පිටුවහල් කරන්නට ඉඩ තිබේ.
නාඔටුන්නේ විජිත හිමි බණ කියන හැටි වීඩියෝ මෙතැනින් click here

Comments
Post a Comment
Your comment will be visible after approval