
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බලපෑම් කළ බවට චෝදනා ලබන පුද්ගලයෙකු පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පෞද්ගලික සමාගමක ජී.පී.එස්. කළමනාකරුවෙකු වන අතර, ඔහු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
සැකකරු විසින් අල්ලස් කොමිෂන් සභාවේ නිල හැඳුනුම්පතට සමාන වන අයුරින් ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර මෙම වංචනික ක්‍රියාව සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් වෙත ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව පොළොන්නරුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු විසින් අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් වෙනත් පුද්ගලයන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට යම් බලපෑම් සිදුකර ඇත්නම්, ඒ පිළිබඳව 1954 දරණ ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තම කොමිෂන් සභාව වෙත දන්වන ලෙස අල්ලස් කොමිසම මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval