mahindas-chief-security-officer-neville-arrested

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් නෙවිල් වන්නිආරච්චි, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



ඔහු එම කොමිෂන් සභාව වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, කොමිසම මගින් සිදුකරන වත්කම් විමර්ශනයකට සහය නොදැක්වීම ඔහුට එරෙහි චෝදනාව වී ඇත.



යුද හමුදාවේ කොමිෂන්ලත් නිලධාරියෙකු වශයෙන් සේවයේ නිරතව සිටි 2010 වසරේ සිට 2014 දක්වා වූ වසර පහක කාලසීමාව තුළ සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම පැහැර හැර ඇති බවට අල්ලස් කොමිසම මේජර් වන්නිආරච්චිට එරෙහිව චෝදනා කරයි.

අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මින් ඉහතද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව කැඳවා තිබිණි.

gossiplanka image 2
gossiplanka image 3


gossiplanka image 4


gossiplanka image 5