හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන්, සිය ආරක්ෂක කටයුතු සඳහා ලබා දී තිබූ වාහන නැවතත් ලබා දෙන මෙන් ඉල්ලීමක් කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තහවුරු කරයි.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ පැවති හිමිකම් අහෝසි වීමෙන් අනතුරුව,
අදාළ හිටපු ජනාධිපතිවරුන් විසින් තමන් භාවිත කළ වාහන කිහිපයක් රජයට භාර දීමට මීට පෙර පියවර ගෙන තිබුණි.
හිටපු ජනාධිපතිවරුන් විසින් ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීම මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආරක්ෂක සමාලෝචන කමිටුව වෙත යොමු කර ඇති අතර, එම කමිටුව ලබා දෙන තීරණයට අනුව ඉදිරි පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වාහන රජයට භාරදීම තුළින් ඔවුන්ගේ ආරක්ෂාවට කිසියම් බලපෑමක් සිදුවන්නේ නම්, එම වාහන නැවත ලබා දීමට හැකියාවක් පවතින බව තමන් මීට පෙර පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval