ජපානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් එරට අග්‍රාමාත්‍යවරයා විසින් පවත්වන ලද දිවා භෝජන සංග්‍රහයේදී දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සංකේතවත් කරමින් එළවළු වලින් නිර්මාණය කරන ලද අලංකාර අලි කැටයමක් ප්‍රදර්ශනය කර තිබිණි.
මෙම භෝජන සංග්‍රහය අතරතුර පැවති සාකච්ඡාව සාම්ප්‍රදායික දේශපාලන හා ආර්ථික මාතෘකා වලින් ඔබ්බට ගිය එකක් විය. එහිදී ජපාන අග්‍රාමාත්‍ය ශිගෙරු ඉෂිබා මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ජ්‍යොතිෂය පිළිබඳව සහ විශේෂ අවස්ථා සඳහා සුබ නැකැත් බැලීම සම්බන්ධයෙන් ඔහුගේ විශ්වාසය කුමක්දැයි විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා, තමන් පෞද්ගලිකව එවැනි දේ කෙරෙහි විශ්වාසය නොතබන බව සඳහන් කළේය. කෙසේ නමුත්, ශ්‍රී ලාංකිකයන් අතර, විශේෂයෙන්ම විවාහ මංගල්‍ය වැනි වැදගත් ජීවිත අවස්ථාවලදී ජ්‍යොතිෂවේදීන්ගෙන් උපදෙස් ලබාගැනීම සහ සුබ නැකැත් බැලීම බහුලව සිදුවන බවද ඔහු එහිදී පැහැදිලි කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval