if-i-die-i-will-become-a-ghost-and-follow-you-chamara

 තමන් ඝාතනය කිරීමට ආණ්ඩුවට වුවමනාවක් තිබෙන බව ත් තමන් ඝාතනය කළහොත් අවතාරයක්, හොල්මනක් වී හෝ ආනන්ද විජේපාල අමාත්‍යවරයා පසුපස පැමිණෙන බව ත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී ඊයේ (ඔක්. 23) පැවසීය.



ඊට පිළිතුරු දුන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසුවේ, “හොල්මනක් වෙලා එන්න එපා ඔබතුමා. මොකද උදේට දැක්කත් බය හිතෙන මූණක් තියෙන්නෙ” යනුවෙනි.




මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ, රටේ පාතාල අපරාධ මැඬලීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විපක්ෂයේ සමහර මන්ත්‍රිවරුන් බිය වී සිටින බව ය.

ඒ සමග මන්ත්‍රි චාමර සම්පත් දසනායක හා ඇමති ආනන්ද විජේපාල අතර එවිට උණුසුම් සංවාදයක් ද ඇරඹිණි.

    බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චාමර සම්පත් දසනායක:

“අපි ඔයාගේ පස්සෙන් ඉන්නවා. අපි ඒවට බය නෑ. අපේ ආරක්ෂාව අයින් කරලා ඔයාලා හිතාගෙන ඉන්නේ අපිත් මරන්නද? ඔබතුමාටත් අනාගතයේදී ආනන්ද විජේපාල නොහොත්. මම ඉතුරු නම කියන්නෙ නෑ. අද පොලිසියේ ඇමති වෙලා ඉන්නේ බුද්ධි වාර්තා අනුව පොලිසියෙන් එළවපු කෙනෙක්. අඹන්පොළ, ගල්ගමුව, තඹුත්තේගම මිනිස්සු ඕවා දන්නවා. අමාත්‍ය ආනන්ද විජේපාල, අපි කවදත් සිංහයෝ වගේ වැඩ කළේ. පොලිසියෙන් ඉවත් කළේ නෑ. පෞද්ගලික හේතුවක් මත ඉවත් වුණා.”