හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග තමන් පෙනී සිටින අයුරින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන ඡායාරූපයක දැක්වෙන කාන්තාව තමන් නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය ප්‍රකාශ කරයි.
සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මන්ත්‍රීවරිය මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර ඇති අදාළ විවාහ මංගල්‍ය උත්සවය සඳහා තමන් සහභාගී නොවූ බවද ඇය සඳහන් කරයි.
එම උත්සවය සඳහා තමන්ට කිසිදු ආරාධනාවක් ලැබී නොතිබූ බවද නිලන්ති කොට්ටහච්චි මහත්මිය සිය සටහන මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මෙම ඡායාරූපය කිසියම් සංස්කරණයක් මගින් සකස් කරන ලද්දක් බවට තහවුරු වුවහොත්, ඊට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද මන්ත්‍රීවරිය සිය ෆේස්බුක් සටහන මගින් දන්වා තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලකට පසු ප්‍රමුඛ පුද්ගලයින් රැසක් සහභාගී වූ විවාහ මංගල්‍යයකට සහභාගී වී තිබේ. රදීෂාන් සිරිබද්දන සහ මනුෂි සේනාරත්න යුවළගේ විවාහයේ අත්සන් තැබීම මහින්ද හා පුත් නාමල් සිදුකර තිබුණි.
අතරතුර හිටපු ජනාධිපතිවරයා වෙත පැමිණ ආචාර කළ තවත් අමුත්තන් කිහිප දෙනෙකු මේ සමඟ ඇති ඡායාරූපවල දැක්වේ. සියල්ල මෙතැනින් click here

Comments
Post a Comment
Your comment will be visible after approval