සාවද්‍ය චෝදනා සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ගම්පහ දිස්ත්‍රික් සජබ සංවිධායක හා යූටියුබ් ක්‍රියාකාරී වරුණ රාජපක්ෂට එන්තරවාසියක් යොමු කර තිබෙයි.
වරුණ රාජපක්ෂ නමැති පුද්ගලයකු විසින් සමාජගත කිරීමට යෙදුණු සාවද්‍ය සහ අසත්‍ය ප්‍රකාශයන් හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාට අපහාසයක් සිදු වී ඇති හෙයින් ඒ අනුව සිදු වූ අලාභය ඉල්ලා මෙසේ ඔහු වෙත එන්තරවාසියක් යොමු කර ඇති බවට නි.අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.
පසුගිය දිනවල වරුණ සිය යූටියුබ් නාලිකාවක් හරහා නි.අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සම්බන්ධයෙන් චතුරංගගෙ කොම්පැනි 3 නමින් ඔහු වීඩියෝවක් පළ කර තිබූ අතර නියෝජ්‍ය ඇමති පවසන්නේ ඒ කරුණු බොරු බවයි.
පහත පළවන්නේ ආන්දෝලනය ඇති කළ වීඩියෝවයි
Comments
Post a Comment
Your comment will be visible after approval