
මාසික ඉන්ධන මිල සමාලෝචනයට අනුව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නවතම ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නව මිල සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වීමට නියමිත බව එම සංස්ථාව නිවේදනය කරයි.
මෙම සංශෝධනය යටතේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමා ඇත. ඒ අනුව, මීට පෙර රුපියල් 299.00ක්ව පැවති පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 294.00ක් ලෙස බලපැවැත්වෙනු ඇත.
කෙසේ වෙතත්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. එම ඉන්ධන වර්ගයේ නව මිල රුපියල් 318.00ක් ලෙස සටහන් වේ.
ලංකා සුදු ඩීසල්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් සහ ලංකා භූමිතෙල් යන ඉන්ධන වර්ගවල මිල ගණන්හි කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද ඛණිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval